Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝ - කෝ මුල් පුටුව ආචාර්ය සම්පත්ට

කෝ - කෝ මුල් පුටුව ආචාර්ය සම්පත්ට

editorial - 2024 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නයිවලදී  පැවැති 2024 - 26 නිලවරණයේදී  ශ්‍රී  ලංකා කෝ - කෝ සම්මේලනයේ  නව සභාපතිවරයා  ලෙස  දේශමාන්‍ය ආචාර්ය  කපිතාන්  සම්පත් අබේසිංහ මහතා නිතරගයෙන්  පත් විය.

ප්‍රධාන  ලේකම් ධූරයට යළිත්  අතුල විජේනායක මහතා පත් විය.මෙවර නිලවරණයේදී ශ්‍රී  ලංකා අශ්වාරෝහක සංගමයේ සභාපති  සුරන්ජිත්  ප්‍රේමදාස මහතාද උප සභාපතිවරයකු ලෙස  මෙවර පත්වීම් ලැබීය.

වසර 1997දී  ශ්‍රී  ලංකා කෝ - කෝ  සම්මේලනය ස්ථාපිත කර තිබෙන  අතර එය ශ්‍රී  ලංකාවේ ලියාපදිංචි  54 වැනි ක්‍රීඩාවයි.මෙතෙක්  එහි සභාපති  ධූරය දැරුවේ රංජිත්  ගුණවර්ධන  මහතායි.

 

ශ්‍රී  ලංකා කෝ - කෝ සම්මේලනයේ  නව (2024 - 26) විධායක  සභාව -;

සභාපති:- ආචාර්ය කපිතාන් සම්පත් අබේසිංහ මහතා
ලේකම්:- ඩබ්.ඇම්. අතුල විජේනායක මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපති:- සරත් රාජපක්ෂ මහතා
උපසභාපතිවරු:- එච්.බී.ජී. මොරගොඩ, සුරංජිත් ප්‍රේමදාස, අසංක රුවන් කුමාර, එරන්ද ලක්සන ජයවීර යන මහත්වරුන්
භාණ්ඩාගාරික:- බුද්ධික රණරාජ මහතා
උපලේකම්:- ඩී.එම්. ගුණපාල මහතා
උපභාණ්ඩාගාරික:- සම්පත් බොතේජු මහතා
කාරක සභාව:- උපුල් කිත්සිරි, බිම්සර ජනප්‍රිය, ජනක ප්‍රියන්ත, ඩබ්.ඒ.එස්. බණ්ඩාර, එස්. හපුආරච්චි යන මහත්වරුන්

ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය දේශමාන්‍ය, කපිතාන් සම්පත් අබේසිංහ මහතා එම සම්මේලනයේ ලේකම් අතුල විජේනායක මහතා විසින් පිළිගත් අවස්ථාව.

- 223


අදහස් (0)

කෝ - කෝ මුල් පුටුව ආචාර්ය සම්පත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.