Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝට්ටේ රත්තරන් සටන හෙට

කෝට්ටේ රත්තරන් සටන හෙට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ (රාජගිරිය) ජනාධිපති විදුහල හා කොළඹ අශෝක විදුහල අතර වාර්ෂික එක්දින තරගය හෙට (30) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

‘රත්තරන් සටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග 12 න් 11 ක් ම ජයගෙන ඇත්තේ කෝට්ටේ ජනාධිපති විදුහලයි. 2007 වසරේදී මෙම එක්දින තරගය ආරම්භ වීමෙන් පසුව ප්‍රතිවාදී අශෝක විදුහල මෙතෙක් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි.

පසුබෑම් ඇතිකළ තරග සමයක් ගෙවමින් මෙම දෙවිදුහල වාර්ෂික එක්දින තරගයට සහභාගි වන අතර ජනාධිපති ක්‍රීඩකයෝ තරග 13කට සහභාගිවී ඉන් දෙකක් පමණක් ජයගෙන තිබේ. පළමු ඉනිමේ එක් ජයක් ද ඇතුළුව තවත් තරග දෙකක් ජයපරාජයෙන් තොරව අවසන් කළත් ඉතිරි තරඟ වලදී ඔවුන් පරාජයට පත්ව තිබේ.

හොරණ තක්ෂිලා මධ්‍ය විදුහලට එරෙහිව පැවති තරගය පමණක් මේ තරග වාරයේ ජයගෙන ඇති මරදාන අශෝක විදුහල් කණ්ඩායම වෙතින් ද සෙසු තරග රැසකදී පළවී ඇත්තේ පසුබෑමකි.

මෙවර ජනාධිපති කණ්ඩායම් නායකත්වය දරන ඉරංග හෂාන් එම කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින්නේ ලකුණු 500ක් ඉක්මවමින් හා කඩුලු 24 ක් බිඳ හෙළමිනි.

කණ්ඩායමේ කඩුලු රකින්නා බවට පත්ව සිටින උපනායක කේ.ඒ. අකිල රොෂාන් ලකුණු 400 ක් ඉක්මවා රැස් කළ පිතිකරුවෙකි. දිනිත් නෙළුම්දෙණිය මේ වනවිට කඩුලු 48ක් බිඳ හෙළමින් පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා පළ කර තිබෙන අතර පිතිකරුවෙකු ලෙසත් සාර්ථක වූ (ලකුණු 305) අයෙකි.

හසිත නිර්මාල් ජනාධිපති කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ කඩුලු 55ක් මේ වන විට බිඳ හෙළමිනි. විකුම් කල්හාර, යසිත හසරංග පිත්තෙන් දස්කම් දක්වා ඇති, ජනාධිපති සෙසු ක්‍රීඩකයන් අතරට එක්ව සිටිති.

එම්.ඩී.එස්. කල්ප, පී.ජී. නුරාන් හේසර, ටිරාන් ළහිරු, එල්.එච්. කසුන් මාලින්ද, තිවේන් තච්මික, යූ.ඒ. අංජුල ජයනාත්, කේ. සෙනාන් කේෂර, ඩිනාල් චතුරංග, ඩබ්. සහන් සත්සර, ජනාධිපති ක්‍රිකට් සංචිතයේ දක්ෂතා ප්‍රකට සෙසු ක්‍රීඩකයෝ වෙති.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන උදේෂ් ඇල්විටිගල මෙවර අශෝක කණ්ඩායමට නායකත්වය දෙයි.

කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසත් කටයුතු කරයි. උප නායක විමුක්ති සංදීප මේවාරයේ ලකුණු 500 සීමාවට පැමිණ සිටින දක්ෂතම පිතිකරුවෙකි. ඔවුන්ගේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ වමත් පා දඟපන්දු යවන්නෙකු ලෙස මෙතෙක් කඩුලු 44ක් බිඳ හෙළා ඇති ජනුල ඉඳුසරය.

කඩුලු 24 ක් බිඳ හෙළා ඇති පිට දඟ පන්දු යවන්නෙකු වන රාහුල් චන්ද්‍රසේකර තවත් එවැනිම එහි දක්ෂ පන්දු යවන්නෙකි. නිෂාන් නරෙන්, උමේෂ් ප්‍රමෝද්, පංචාල සන්දීපන, දුලාජ් හෙට්ටිආරච්චි, සම්ලක දෙව්මිත් ගුණවර්ධන, යනුෂ මදීෂ, බිනුර ශඛ්‍යය, විරාන් තිවංක, විහඟ ෂතිලක, උමේෂ් මධුෂාන්, ඩිල්ෂාන් මාලිංග, ලක්ෂිත ෂාමෙල්, දිනිති ජයතිලක, ටිල්ෂාන් සේනානායක හා අනුක පෙරේරා අශෝක ක්‍රිකට් සංචිතයේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම එක් දින තරගයේ ජය සංකේත ප්‍රදානය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති විදුහල්පති ධනුෂ්ක ආරියරත්න මහතා සහ අශෝක විදුහල්පති බණ්ඩාර දිසානායක යන මහත්වරුන් අධීක්ෂණයෙන් මෙවර තරගය සූදානම් කෙරේ. මෙවර ජනාධිපති විදුහල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිමේෂ් පෙරේරාත්, අශෝක විදුහල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සලින්ද ලක්ෂාන් මහතාත් කටයුතු කරති.

ජනාධිපති විදුහල් ක්‍රීඩා පරිපාලක ලෙසින් අනිල් වීරසිංහ මහතා කටයුතු කරන අතර එහි ක්‍රිකට් භාර ආචාර්යවරයා වශයෙන් චානක සඳරුවන් මහතා කටයුතු කරයි. අශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ඩී.පී. පිටිගල, එහි සහකාර විදුහල්පති අතුල තේනුවර හා ක්‍රිකට් භාර ආචාර්ය ජාලිය ජයන්ත යන මහත්වරු මෙවර රත්තරන් සටන සංවිධායක මණ්ඩලයේ සිටිති.

 


අදහස් (0)

කෝට්ටේ රත්තරන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.