Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (8) ආරම්භ වූ 42 වැනි කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහල් කණ්ඩායම දිනය නිමාවේ ලකුණු 59කට කඩුලු 6ක් දැවී යාමෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටියේය.
කෙසේ වුවත් කාසියේ වාසිය දිනූ ජයවර්ධනපුර විදුහල් කණ්ඩායමේ ආරාධානයෙන් පළමුව පන්දුවට පහරදුන් ප්‍රතිවාදී පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ සියළු දෙනා දැවී ලකුණු 143ක් පමණි. ඒ සඳහා ඔවුන් ඕවර් 60.2ක් වැයකර තිබුණි.
ඕවර 32ක් පුරා අද දිනයේ පන්දුවට පහරදීමට වෙහෙසුණු ජයවර්ධනපුර විදුහල් කණ්ඩායම දිනය නිමාවේ. කඩුලු හයට ලකුණු 59කට සීමා වීමේදී සකිත් පෙරේරා ලකුණු 8කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සියලු දෙනා දැවී 143
(දේෂාන් පෙරේරා 13, ජෙවාන් ඬේවිඞ් 26, තරුෂ්ක පෙරේරා 10, තරින් වීරසිංහ 31, අෂේන් චමුදිත 15, සචින්ත විලියම් 11, සම්පත් නිශ්ශංක 33/2, ලිසූක දිනසර 25/2, රිසිත් ඉෂාර 28/2)
කෝට්ටේ ජයවර්ධනපුර මහ විදුහල කඩුලු 6ට 59
(බුද්ධික චමින්ද නොදැවී 18, සකිත් පෙරේරා 8/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.