Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝට්ටේ සටන ජය පැරදුමෙන් තොරයි

කෝට්ටේ සටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති 42 වැනි ‘කෝට්ටේ සටන’ මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් විය. අද සවස තරගය අවසන් වන විට කෝට්ටේ සාන්ත තෝමස් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටියේය.

පළමු දිනය නිමාවේදී ලකුණු 59 කට කඩුලු හයක් දැවී යාමෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහල් කණ්ඩායම දැඩි අසීරුතාවයට පත්ව සිටියද පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා ලකුණු 176 ක් කරා සිය ඉනිම දිගු කරගත්තේය. බුද්ධික චමින්ද (55) සහ ඉෂාන් බොතේජු (51) අර්ධ ශතක ලබාගනිමින් ජයවර්ධනපුර විදුහල මුල් ඉනිමේදී ඉදිරියට ගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ ජයවර්ධනපුර විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ සියළු දෙනා දැවී ලකුණු 143 ක් පමණි. ඒ සඳහා ඔවුන් ඕවර් 60.2ක් වැයකර තිබුණි.

 ඕවර 32ක් පුරා ඊයේ දිනයේ පන්දුවට පහරදීමට වෙහෙසුණු ජයවර්ධනපුර විදුහල් කණ්ඩායම දිනය නිමාවේ. කඩුලු හයට ලකුණු 59කට සීමා වීමේදී සකිත් පෙරේරා ලකුණු 8කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.


කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් සියළු දෙනා දැවී 143
(දේෂාන් පෙරේරා 13, ජෙවාන් ඬේවිඞ් 26, තරුෂ්ක පෙරේරා 10, තරින් ගිම්හාන 31, අෂේන් චමුදිත 15, සචින්ත විලියම් 11, සම්පත් නිශ්ශංක 33/2, ලිසූක දිනසර 25/2, රිසිත් ඉෂාර 28/2)

කෝට්ටේ ජයවර්ධනපුර මහ විදුහල සියලු දෙනා දැවී 176
(බුද්ධික චමින්ද 55, ඉෂාන් බොතේජු 51, සකිත් පෙරේරා 29/4, කෙවාන් ඬේවිඞ් 38/2, මංජුල නයනජිත් 41/2)

කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 114 යි
(තරින් ගිම්හාන 59, සම්පත් නිශ්ශංක 31/3)

 


අදහස් (0)

කෝට්ටේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.