Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පැරණිතම පාසල් මහ ක්‍රිකට් තරගය වන කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල (පැරණි ක්‍රිස්තියානි විදුහල) හා පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර “කෝට්ටේ සටන” වාර්ෂික මහ ක්‍රිකට් තරගය 42 වැනි වරටත් හෙට සහ අනිද්දා (8 - 9) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර මහ ක්‍රිකට් තරගයට සහභාගීවන ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වසර 100 ක් පිරීම කැපී පෙනේ. 1919 එම විදුහලේ පළමු ක්‍රිකට් නායකයා වන කේ.ජේ. රණසිංහ අනුස්මරණ ශූරතා පළිහ සඳහා මෙම මහ තරගය සංවිධානය කෙරේ.
“කෝට්ටේ සටන” මහ ක්‍රිකට් තරගයේ මෑත ඉතිහාසය වසර 42 කට සීමා වුවත් එවකට කෝට්ටේ ක්‍රිස්තියානි විදුහල යනුවෙන් හැඳින්වූ ජයවර්ධනපුර මහ විදුහල හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර ආරම්භ වූ පසුව අත්හිටුවන ලද කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගයේ ආරම්භය 1950 දක්වා ඈතට දිව යයි.
1822 දී ක්‍රිස්තියානි විදුහල නමින් ආරම්භ කළත් 1963 දී රජයට පවරා ගැනීමෙන් පසුව එය ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල යනුවෙන් නම් කෙරුණි.
ඒ අනුව 1977 දී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල හා එම විදුහල අතර කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගය ආරම්භවීමෙන් පසුව මේ දක්වා ජයවර්ධනපුර මහ විදුහල 11 වතාවක්ද ශාන්ත තෝමස් විදුහල පස් වතාවක්ද එය ජයගෙන තිබේ.
මෙම තරග වාරයේදී දෙවැනි පෙළ තරගාවලියේ ක්‍රීඩා කරන ජයවර්ධනපුර මහ විදුහල තරග 12 නව සහභාගි වී ඉන් තරග දෙකක් ජයගෙන තිබේ. මුල් ඉනිමේ ජය වාර්තා කළ තරග හයක් හැරෙන්නට ඉතිරි තරග ඔවුන් පරාජය වී තිබේ.
තවමත් තෙවැනි පෙළ ක්‍රීඩා කරන කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල මේ වාරයේ තරග 10 ක දී ජයගෙන තිබෙන තරග ගණන තුනකි. තවත් තරග තුනක දී පළමු ඉනිමේ ජය වාර්තා කර තිබෙන ශාන්ත තෝමසුවෝ සෙසු තරග පරාජයට පත්ව තිබේ.
ඒ අනුව දස්කම් අතින් වඩාත් සමබර කණ්ඩායම් දෙකක් මෙවර මහ තරගයේ සටන් වදින තත්වයක් තුළ මෙවර “කෝට්ටේ සටන” තීරණයකට යාහැකි උණුසුම් සටනක් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් පෙන්වයි.
තෙවැනි වසරේ වර්ණලාභියකු වන සචින්ත ෂෙහාන් විලියම් ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය දෙයි. චමුදිත ආදිත්‍ය සූරියබණ්ඩාර මේ වාරයේ ලකුණු 800 ක් ඉක්මවූ ඔවුන්ගේ හොඳම පිතිකරු බවට පත්ව සිටියි.
මේ වාරයේ ඔවුන්ට දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනකුගේ සේවය ලැබී තිබේ. ඔවුන් වන්නේ කඩුලු 50 ක් මෙතෙක් බිඳ හෙළා ඇති ජෙහාන් ජේම්ස් හා කඩුලු 30 ක් බිඳ හෙලූ මනුජ නයනජිත් ය.
“ජ’පුර” කණ්ඩායමට මෙවර නායකත්වය දෙන කනිෂ්ක මධුශංක සිවු වැනි වසරේ අත්දැකීම් පිරිපුන් ක්‍රීඩකයෙකි. ඔවුන්ගේ විශ්වාසවන්තම පිතිකරු බවට මේ වාරයේ පත්ව තිබෙන චමෝත් සුපුන් මෙතෙක් රැස්කර තිබෙන ලකුණු ගණන 600 ක් ඉක්මවයි.
හිටපු නායක - බුද්ධික චමින්ද මේ වාරයේත් තරග වැදෙමින් මෙතෙක් ලකුණු 500 ක් පමණ ලබා තිබේ. පන්දු යවන්නන් අතරින් මෙවර මහ ක්‍රිකට් තරගයේදී ජ’පුර විදුහලේ අංක එකේ පන්දු යවන්නා බවට පත්ව සිටින සම්පත් නිශ්ශංක කඩුලු 55 ක් මේ වනවිට බිඳ හෙළා ඇත.
කඩුලු 33 ක් මෙතෙක් බිඳ හෙලූ රිසිත් ඉෂාර ෂමින්දගේ මහ තරගයේ උත්සහය ද ප්‍රතිවාදීන්ගේ වැඩිම කඩුලු ගණනක් බිඳහෙළීමය.
මෙම මහ තරගයේ අවසන් වරට විසඳුමක් ලැබී ඇත්තේ වසර 2012 දී ය. කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල එය ජයගෙන තිබේ. මෙතෙක් කෝට්ටේ සටනේ තියුණුම ජය වාර්තා කර ඇත්තේද ශාන්ත තෝමසුවන් වන අතර 1983 දී පැවැති මහ තරගය ඔවුන් ජය ගත්තේ එහි අවසන් පන්දුවෙනි.
මෙවර මහ තරගයේ සත්කාරය ශ්‍රී ජයවර්ධනපුර විදුහල් ආදි ශිෂ්‍ය සංගමය දරන අතර දෙවිදුහල අතර වාර්ෂික එක් දින තරගය මෙම 17 වැනිදා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේ දී පැවැත්වේ.
දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන නිලන්ත උඩුවක පියතුමා හා ලුතිනන් කර්නල් ඩී.ඒ.ඩී. වානගුරු මහතාගේ අධීක්ෂණයෙන් මෙවර කෝට්ටේ සටන සංවිධානය කෙරේ.
ජයවර්ධනපුර විදුහල් සංචිතය :- කනිෂ්ක මධුරංග (නායක), රිසිත් ඉෂාර (උපනායක), මලීෂ ඉඳුවර, නඳුන් ප්රියසන්ක, හේෂාන් වීදව, කවිශ්ක ගිහාන්, ජනිත් ආකාශ්, ජෝශප් සෙනවිරත්න, හෂිත හිෂාන්, පසිඳු ආකර්ෂන්, අන්ජු චමෝද්, රොනාත් දූවීෂ, ලිසුක දිනසර, දුමින්ද ගවිෂ්ක, බුද්ධික චමින්ද, සම්පත් නිශ්ශංක, ලක්ෂිත කුමාර, චමෝද් සුපුන්, පුහුණුකරු:- හේෂාන් තිලකරත්න මහතා. |
ශාන්ත තෝමස් විදුහල් සංචිතය:- සචින්ත විලියම්ස් (නායක), අෂේන් චමුදිත (උපනායක), දේශාන් පෙරේරා, මලිඳු පෙරේරා, ආදිත්‍ය සූරියබණ්ඩාර, ජීවන් ඬේවිඞ්, තරින් වීරසිංහ, උමයංග සුබසිංහ, කෙවින් රාජස්තන්, විරුල් ඩයස්, මනුජ නයනජිත්, තරුෂ්ක පෙරේරා, සිතුම් සන්දීප, සතින් පෙරේරා, දුරංග ප්‍රමෝද් හා කුලාර ප්‍රමෝද්, පුහුණුකරු:- ලක්ෂ්මන් පෙරේරා මහතා. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.