Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ හා මාතලේ කෘතිම හොකී ක්‍රීඩාංගණ දෙකේ නව තණතීරු ඇතිරීම ඇමරිකානු ඩොලර් මිලියන 10 ක වියදමින් ආරම්භ කෙරේ. මෙහි ශ්‍රී ලංකා මුදලේ වටිනාකම රුපියල් මිලියන 320 කි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික හා ආසියානු හොකී සම්මේලනවල මැදිහත්වීමෙන් එක් තණතීරුවක් ඇමරිකානු ඩොලර් 235000 ක් පමණක් වන විශේෂ සහන මිලක් යටතේ ඉදි කිරීමට කටයුතු කෙරේ.
ශ්‍රී ලංකාවේ කෘතිම තණ තීරුවකින් හෙබි හොකී ක්‍රීඩාංගණ දෙකක් පවතින අතර ඒ කොළඹ රිඩ් මාවත හා මාතලේ දොලේ පාරේ පිහිටි මෙසේ ප්‍රතිසංස්කරණය කරන හොකී ක්‍රීඩාංගණ දෙකයි.
ඔලිම්පික් - බ්ලූ පොලිටන් ඇස්ට්‍රෝටර්ෆ් නමැති නිල් පැහැති ජාත්‍යන්තර උසස්ම ප්‍රමිතියේ කෘතිම හොකී තණ තීරු දෙකක් මෙම ක්‍රීඩාංගණ සඳහා ඇතිරීම ඉතා නුදුරේදීම ආරම්භ කෙරෙන බවට ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
එළඹෙන අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම කටයුත්ත නිමා කිරීමට අපේක්ෂා කෙරේ. වත්මන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හා ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක යන මහත්වරුන් අන්තර් ජාතික හා ආසියානු හොකී සම්මේලන දෙකෙන් කළ ඉල්ලීම්වලට කන් දෙමින් මෙම සහන මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාංගණ නවීකරණය කිරීමට කටයුතු කෙරේ.
ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම පසුගිය දෙසැම්බර් 15 වැනිදා පාර්ශ්ව තුනේම මැදිහත්වීමෙන් මලයාසියාවේ ක්වාලලාම්පූර් නුවරදී අත්සන් තැබුණි.
එය සහතික කිරීමේ ගිවිසුම ඉරිදා (21) මස්කට් නුවර දී අත්සන් කෙරුණි. මාතලේ හා කොළඹ පිහිටි මාතෘකාවට බඳුන් වූ මෙම හොකී ක්‍රීඩාංගණ දෙකම මේ වනවිට පවතින්නේ ඉතාම අබලන් තත්වයෙනි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මාතලේ කෘතිම හොකී ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ මුළු වියදම ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වී ඇත. ෙසසු වියදම් ක්‍රීඩා අමාත්‍යාංශය දරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරා මලල ක්‍රීඩා, කබඩි, දැල්පන්දු, පැර ඔලිම්පික් ක්‍රීඩා ඇතුළු මෙරට ක්‍රීඩා ඉසව් ගණනාවකම ප්‍රවර්ධන කටයුතු සඳහා ඉහළින්ම අනුග්‍රහය දක්වා තිබේ.
ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත් කළ රොෂාන් රණසිංහ මහතා ඇමැති ධුරය දරද්දී ශ්‍රී ලංකාවේ වෙනත් ක්‍රීඩා ඉසව්හි ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් 20%ක් ජාතික ක්‍රීඩා අරමුදලට හැකියාවක් පවතින්නේ නම් බැර කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වුවත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඊට තමන් මනාප නොවන බවයි. එහෙත් අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් මෙතෙක් ඊට දැඩි බලපෑමක් එල්ල වී නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.