Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය අතර ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භවූ 10 වැනි ‘රන්මිණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 42 ක් රැස්කර සිටියේය. ඒ අනුව සීවලි මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණ සංඛ්‍යාවට වඩා ලකුණු 161 ක් පසුපසින් සිටින්නේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සීවලි මධ්‍ය විද්‍යාලය ලකුණු 203 කට කඩුලු 9 ක් දැවි තිබියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට ආරාධනා කළේය.
කවිෂ්ක මෙදලගම (70) සහ හිරූෂ විදුරංග (69) අර්ධ ශතක ලබාගනිමින් සීවලි මධ්‍ය විද්‍යාලය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
ළහිරු ප්‍රනාන්දු, ජනිත් ලක්ෂාන් සහ පුබුදු ශෂීලාල් කඩුලු 3 බැගින් දවාගනිමින් සීවලි මධ්‍ය විද්‍යාලය අඩු ලකුණු මට්ටමක රැඳවා ගැනීමට සමත්වූහ.
හෙට (12 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
සීවලි මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 203
(කවිෂ්ක මෙදලගම 70, හිරූෂ විදුරංග 69, නුවින් චාරුල 22, ළහිරු ප්‍රනාන්දු 40/3, ජනිත් ලක්ෂාන් 46/3, පුබුදු ශෂීලාල් 77/3)
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 42
(සුකිත ගම්සර 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.