Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සංජීව ධර්මසේන/ ටෝකියෝ නුවර සිට)
ඔලිම්පික් උළෙලක් වැනි ලොව අතිදක්‍ෂතම ක්‍රීඩකයන් තරග වඳින ක්‍රීඩා උළෙලක පදක්කමක් කරා ගමන්කිරීමට අසීරු අභියෝගයක් වුවද, ශ්‍රී ලාංකිකයන් තමන් කෙරෙහි තබා සිටින විශ්වාසයට හැකි උපරිම සාධාරණයක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පැවසීය.
මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම තිබෙන බලාපොරොත්තුවක් වන යුපුන් අබේකෝන් මීටර 100 ඉසව්වට හෙට (31දා) සහභාගි වන අතර, එම තරග ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.15 - ප.ව. 5.00 අතර පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර යුපුන් ඊයේ (29දා) සිය අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර, එහිදී සිය තරගයට ඇති සූදානම පිළිබඳ කළ විමසීමේදී යුපුන් පවසා සිටියේ, උසේන් බෝල්ට් නොමැතිව පැවැත්වෙන පළමු ඔලිම්පික් උළෙල මෙය බැවින් රන් පදක්කම වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් අතර තරගයක් නිර්මාණය වී තිබෙන බවයි.
තවදුරටත් අදහස් දැක් වූ යුපුන්, තරගයට සූදානම් වෙලා ඉන්නේ, හොද මට්ටමක ඉන්නවා. පළමු වටයේදී හොඳ කාලයක් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉන්න සියලු දෙනාම තරගකාරී ක්‍රීඩකයෝ. ඒ වගේම උසේන් බෝල්ට් නොමැතිව පැවැත්වෙන පළමු ඔලිම්පික් උළෙල මෙය. ඔහු ඉන්නකම් වෙන කෙනෙක්ට රන් පදක්කම දිනාගන්න බැරි වුණා. ඒ නිසා මෙවර සියලු දෙනා අතර රන් පදක්කමට තරගයක් තිබෙනවා.
මීටර 100 තරග ඉසව්වේ මූලික සුදුසුකම් ලැබීමේ තරග 04ක් හෙට පෙරවරුවේ පැවැත්වේ, ඉන් අනතුරුව එදින සවස්වරුවේ පැවැත්වෙන අදියර වටයට යුපුන් සහභාගිවීමට නියමිතව ඇත. මෙම සෑම අදියරකම පළමු තිදෙනා බැගින් 21 දෙනකු හා සුදුසුකම් ලැබීමේ සමස්ත තරග අවසානයේ වේගවත්ම කාල වාර්තාකළ තිදෙනා ලෙස 24 දෙනකුට දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදා වේ.
මේ අතර යුපුන් පවසා සිටියේ, ඉතාලියේ සිය පුහුණුවීම් කටයුතු සිදුකළ තමන්ට ඔලිම්පික් ගම්මානයට පැමිණිමෙන් පසුව පුහුණුවීම් කටයුතු සිඳුකිරීමේදී කිසිඳු ගැටළුවක් ඇති නොවූ බවයි.
‘‘තාක්‍ෂණික ලෙස පුහුණුවීම් කටයුතු සිදුකරන්න අවශ්‍ය සෑම පහසුකමක්ම ඉතාලියේ තිබෙනවා. නමුත් මම විදෙස් ක්‍රීඩකයෙක් නිසා ඉතාලියේ කෙනෙක්ට ලැබෙන සෑම දෙයක්ම ලැබෙන්නේ නැහැ. සමස්තයක් ලෙස එහි ක්‍රීඩා කටයුතු මට හොදයි. කෙසේ නමුත් කෙටි කාලයකින් ලොකු ලොකු දේවල් කරන්න බැහැ. කාලයක් යනවා. අපි පුහුණුවීම් හා අත්දැකීම් අනුව ඉදිරියට යන්න ඕන.
මේක ඔලිම්පික් උළෙල, ලේසි නැහැ. ලෝකයේ සිටින හොඳම ක්‍රීඩකයන් ඇවිත් ඉන්නේ. ඔවුන් අතර මගේ ඉලක්කය හොඳ කාලයක් වාර්තා කර, ඉදිරියට තිබෙන වටයන් දක්වා යන්න.
කොවිඩ්-19 බලපෑමත් එක්ක මට 2020 මාස තුන හතරක් පුහුණුවීම් කටයුතු සිදුරන්න බැරි වුණා. ඒ කාලයේ ඉතාලියේ කොවිඩ්-19 ඉහළම මට්ටමක තිබුණේ. නමුත් තත්ත්වය පාලනය වුණාට පසුව අන්තර්ජාතික තරගවලට ඉදිරිපත්වෙලා ශ්‍රී ලංකා වාර්තාව (තත්. 10.15) පිහිටුවීමට තරම් මගේ දක්‍ෂතා දියුණු කරගත්තා.‘‘ යැයි යුපුන් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.