Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගයන්තිකා - චන්ද්‍රිකා අවසන් තරගයට එති

ගයන්තිකා - චන්ද්‍රිකා අවසන් තරගයට එති

ශනුක අරවින්ද - 2014 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වූ අද (30) ශ‍්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරි චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක මීටර 200 ද, මැදි දුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්න මීටර 800 ද, කාන්තා අවසන් තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක අද රාත‍්‍රීයේ මීටර 200 කාන්තා දෙවැනි මූලික තරගය තත්පර 23.59 කින් අවසන් කරමින් තෙවැනි ස්ථානයට පත්ව කාලය අනුව හත්වැනියා ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

මීටර 400 ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වූ චන්ද්‍රිකා සහභාගි වන මීටර 200 කාන්තා අවසන් තරගය හෙට (01) රාත‍්‍රී 7.40 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.20 ට පැවැත්වීමට නියමිතය.

මෙම තත්පර 23.59 චන්ද්‍රිකාගේ එම ඉසව්වේ හොදම කාලය වන අතර ඇයගේ මීට පෙර ඉහළතම කාලය 24.03 කි.

ගයන්තිකා අද රාත‍්‍රීයේ පැවැති මීටර 800 කාන්තා පළමු මූලික තරගය විනාඩි 2:04.41 කින් අවසන් කරමින් දෙවැනි ස්ථානයට පත්වූවාය. මෙම කාලය ඇයගේ හොදම තරග නිමි කාලය වන අතර මීට පෙර විනාඩි 2:04.46 පැවතුණි.
 
ඇය සහභාගි වන මීටර 800 කාන්තා අවසන් තරගය හෙට (01) රාත‍්‍රී 7.10 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.40 ට පැවැත්වේ.

ශ‍්‍රී ලංකා දුර පැනීමේ ක‍්‍රීඩක ජනක ප‍්‍රසාද් විමලසිරි ඊයේ තරගයේදී මීටර 7.22 ක් පනිමින් තරගයට සහභාගි වූ 17 දෙනාගෙන් 15 වැනි ස්ථානයට පත්විය.

 

 


අදහස් (0)

ගයන්තිකා - චන්ද්‍රිකා අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.