Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මින්නේරිය, කාලතුවක්කු යුද හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා (4 වැනිදා) පැවති අටවැනි ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලියේ යතුරුපැදි අංශයේ ශූරයා ලෙස ගයාන් සඳරුවන් සම්මාන ලබාගනිද්දී, පළපුරුදු තරග රියැදුරෙකු වන අරවින්ද පේ‍්‍රමදාස පසුගිය වසරේ දිනාගත් මෝටර් රථ අංශයේ ශූරතාව තවත් වසරක් සඳහා තමන් සතු කරගැනීමට සමත්විය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් පළමු යතුරුපැදි තරගයේදී මුහුණදීමට සිදුවූ අනතුරක් හේතුවෙන් එම තරගය දෙවැනියා ලෙස තරගය අවසන් කළ ගයාන් සඳරුවන්, දෙවැනි යතුරුපැදි තරගය පේ‍්‍රක්ෂක ඔල්වරසන් මැද විශිෂ්ට ලෙස ජයගත්තේය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් යොවුන් මෝටර් රථ ධාවක ශෙහාන් සී. අධිකාරි, ගයාන්ට පමණක් දෙවැනි වෙමින් එම කාණ්ඩයේම (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් තරග දෙකේදී පිළිවෙළින් ප‍්‍රථම සහ දෙවන ස්ථාන වලට පත්විය.
උරහිසේ ආබාධයක් හේතුවෙන් මාස 3 ක පමණ කාලයක් යතුරුපැදි තරගවලින් ඉවත්ව සිටි, ගයාන්ගේ තවත් එක් ප‍්‍රබලම ප‍්‍රතිවාදියකු වන ඉශාන් දසනායක මෙම තරගාවලියට සහභාගී වූවත් ඔහුට තම සුපුරු දස්කම් අතරට පැමිණීමට නොහැකිවිය.
කෙසේ වෙතත් ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම යතුරු පැදි ධාවකයා බවට පත්වූ ඉන්දීය තරගකරු සී. එස්. සන්තෝෂ් මෙවර තරගාවලියට සහභාගී නොවීය.
පළපුරුදු තරග රියැදුරකු වන අරවින්ද පේ‍්‍රමදාස, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකම ජයගනිමින් පසුගිය වසරේ මෙම තරගාවලියේදී ඔහු දිනාගෙන තිබූ දක්ෂතම රියැදුරාට හිමි ශූරතාව තවත් වසරක කාලයක සඳහා රැකගැනීමට සමත්විය.
දිනේෂ් දෙහෙරගොඩ, උෂාන් පෙරේරා, ජනක ඩයස් සහ ගාමිණී නෙල්සන් වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් පසුපසට ඇද දමමින් අරවින්ද එම තරග දෙකම ජයගත් අතර එය මේ වසරේදී ඔහු ලද ප‍්‍රථම ජයග‍්‍රහණයද විය.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ වත්මන් මෝටර් රථ ශූරයා වන අශාන් සිල්වාද මෙම තරගාවලියට සහභාගීවූ නමුත් පළමු තරගය ආරම්භයේදී ඔහුගේ මෝටර් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. එම දෝෂය හේතුවෙන් එහි දෙවැනි තරගයටද අශාන් සහභාගී නොවීය.
එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරුපැදි තරග ඉසව්වේ පළමු තරගයෙන් (සි. ධා. 250 දක්වා) උදික ශී‍්‍රමාල් මලවිගේ ජය ලබාගත් අතර එහි දෙවැනි තරගය (සි. ධා. 450 දක්වා) ජය ගැනීමට තුසිත ගුණසේකර සමත්විය. ප‍්‍රවීණ යතුරුපැදි තරගකරුවකු වන ආනන්ද වෙඩිසිංහට හිමිවූයේ එහි තෙවන ස්ථානයයි.
එස්. එල්. එන්. කාණ්ඩයේ (ෆෝඞ් ලේසර් / මැස්ඩා) මෝටර් රථ ඉසව් පළමු තරගය (සි. ධා. 1300 දක්වා) කුෂාන් පීරිස් ජයගත් අතර එහි දෙවැනි තරගයේ ජය (සි. ධා. 1500 දක්වා) ප‍්‍රවීන රියැදුරකු වන උපුල්වන් සේරසිංහට හිමිවිය.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී‍්‍රට් ටේ‍්‍රල් යතුරුපැදි තරග 2 ම ජයගත් ලහිරු ජීවන්ත, ඉන් නොනැවතී එම කාණ්ඩයේම (සි. ධා. 125 දක්වා) ස්ටී‍්‍රට් ටේ‍්‍රල් යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානයටත්, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා සහ සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරග දෙකේ තෙවැනි ස්ථාන වලටත් පත්වූයේ මෙවර තරගාවලියේ වැඩිම ජයග‍්‍රහණ ප‍්‍රමාණයකට හිමිකම්කී යතුරුපැදි තරගකරුවා ලෙසනි.
යුද හමුදාව නියෝජනය කරන නිහල් විජේරත්න සහ අවුරුදු 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩය නියෝජනය කරන ජේක්ස් ගුණවර්ධනද යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ වාර්තා කළ අතර ඩිලාන් සෙනෙවිරත්න මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කිවේය.
වයස අවුරුදු 10 න් පහළ සහ 13 න් පහළ යතුරුපැදි ධාවකයන් සඳහාද ප‍්‍රදර්ශන තරග තරග 2 ක් පැවති අතර ඊට සහභාගීවූ සියලූම තරගකරුවන්ට සංවිධායක මණ්ඩලය විසින් සහතිකපත් පිරිනමණු ලැබිණ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස සිංගර් ආයතනය සහ සියැට් ආයතනය කටයුතු කළහ.
එම්. කාණ්ඩයේ සන්නද්ධ සේවා සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 මධුර පීරිස් (කේ. ටී. එම්. 125)
3 රංජිත් සමරවීර (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) කුඩා 7 මෝටර් රථ
1 ලක්මාල් විජේරත්න (ඔස්ටින් මිනි 1000)
2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
3 චතුර විජේරත්න (ඔස්ටින් මිනි 1000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි - පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2 ඉවෝන් බී. ගුණසිංහ (හොන්ඩා සී. ආර්. 85)
3 කසුන් තාරක (කවසාකි කේ. එස්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) තරග යතුරුපැදි
1 මිතුන් ජයසංක සිගේරා (හොන්ඩා සී. ආර්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 ලහිරු ජීවන්ත (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3 රංජිත් සමරවීර (කේ. ටී. එම්. 125)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ - පළමු තරගය
1 ඩිලාන් සෙනෙවිරත්න (හොන්ඩා ඊ. ආර්. XI 1600)
2 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 ජනක ඩයස් (හොන්ඩා සිවික් 1600)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි
1 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ඉරන්ත තාරුක (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 සුදීප් විදර්ෂික (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) - පළමු තරගය
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 සම්පත් කුමාර (හොන්ඩා සී. එෆ්. ආර්. එක්ස්. 250)
3 ශමික රොශාන් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ
1 යොහාන් විජේසිරිවර්ධන (සුසුකි ස්විෆ්ට් 1300)
2 ශාන්ත සුරවීර (සුසුකි ස්විෆ්ට් 1300)
3 බුද්ධික රුක්ලන්ත (සුසුකි කල්ට්ස් 1300)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 ශෙහාන් සී. අධිකාරි (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ලහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 ප‍්‍රසන්නද ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ - පළමු තරගය
1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂි එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (සුබාරු ඩබ්. ආර්. එක්ස්. 2000)
3 ගාමිණි නෙල්සන් (මිට්සුබිෂි එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරු පැදි දෙවැනි තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2 කසුන් තාරක (කවසාකි කේ. එක්ස්. 85)
3 බිනුල කිතලගම (හොන්ඩා සී. ආර්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ශෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ
1 මංජුල වීරසිංහ මිට්සුබිශී ජීප් 2400)
2 ඉන්දු සමරකෝන් (මිට්සුබිෂි පැජෙරෝ 2500)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ
1 දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරඬේ 1000)
2 උශාන් ද සිල්වා (නිසාන් මාර්ච් 1000)
3 කුෂාන් පීරිස් (නිසාන් මාර්ච් 1000)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි
1 තුසිත ගුණසේකර (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
2 සුදීප් විදර්ෂක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
3 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ - දෙවැනි තරගය
1 ඩිලාන් සෙනෙවිරත්න (හොන්ඩා ඊ. ආර්. XI 1600)
2 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 පසිඳු පීරිස් (හොන්ඩා ඊ. ආර්. IV 1600)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 කෞෂාල් සමරසිංහ (හොන්ඩා ඊ. ජී. III 1500)
2 මිස්සක නවීන් (හොන්ඩා සිවික් 1500)
3 නධීර ජිනසේන (හොන්ඩා සිවික් 1500)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) - දෙවැනි තරගය
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොන්ඩා සී. එෆ්. ආර්. එක්ස්. 250)
3 සම්පත් කුමාර (හොන්ඩා සී. එෆ්. ආර්. එක්ස්. 250)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1500)
3 චමින්ද වීරසූරිය (ෆෝඞ් ලේසර් 1500)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 දිනේෂ් සේනානායක (ටොයොටා රැව් IV 2000)
2 සංජය සේදර සෙනරත් (මිට්සුබිශී එවොලූෂන් 3000)
3 දුමින්ද ජයසිංහ (ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් 2500)
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ - දෙවැනි තරගය
1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (සුබාරු ඩබ්. ආර්. එක්ස්. 2000)
3 ගාමිණි නෙල්සන් (මිට්සුබිශී එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි - දෙවැනි තරගය
1 ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ශෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 ලහිරු ජීවන්ත (යමහා ඩබ්. ආර්. එෆ්. 250)
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.