Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ගාල්ලේ අභිමානවත් සටන’ ලෙසින් හැඳින්වෙන විද්‍යාලෝක විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලය අද (9 වැනිදා) සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ඕවර 48.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98 ක් පමණි. ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලයේ සඳුන් මදුශංක කඩුලු 3 ක්ද විතුන් විශාක සහ මනුෂ්ක සමිත් කඩුලු 2 බැගින්ද දවාගනිමින් විද්‍යාලෝක විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලය ඕවර 23.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය කරා පහසුවෙන් අවතීර්ණ විය. ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යමින් පිත්තෙන් දස්කම් දැක්වූ අර්ෂණ උඩුගම්පොල ලකුණු 44 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
විද්‍යාලෝක විද්‍යාලය - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 98
(සඳුන් මදුශංක 13/3, විතුන් විශාක 13/2, මනුෂ්ක සමිත් 18/2)
ශා.ඇලවිෂීයස් විද්‍යාලය - ඕවර 23.1 කදී කඩුලු 4 ක් දැවී 99
(අර්ෂණ උඩුගම්පොල 44, සංජු ලක්ෂාන් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.