Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගාලු ආදරවන්තයන්ගේ සටන අද - හෙට

ගාලු ආදරවන්තයන්ගේ සටන අද - හෙට

Nisanka Sandeepani - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාතේ ප්‍රධානතම පාසල් දෙකක් වන ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර 114 වැනි ‘ආදරවන්තයින්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (15 සහ 16) පැවැත්වේ. 

ශ්‍රී ලංකාවේ පැරණිතම මහ ක්‍රිකට් තරගයක් වන මෙම තරගය 1905 වසරේ ආරම්භ වී තිබේ. මෙම තරගයේ මේ දක්වා විදුහල් දෙකම තරග 23 බැගින් ජය ලබා තිබේ. රිච්මන්ඞ් විදුහල 2015 වසරේ සිතාර ගිම්හාන්ගේ නාකත්වයෙන් ද, මහින්ද විදුහල 2008 වසරේ රජිත් ප්‍රියාන්ගේ නායකත්වයෙන් ද, අවසන් වරට ජය ලබා තිබේ.

මෙම පාසල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබේ. 

හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු, උපුල් චන්දන, වර්තමාන එක්දින පිලේ නායක ලසිත් මාලිංග, අතුල සමරසේකර සහ ජයනන්ද වර්ණවීර යන ක්‍රීඩකයෝ මහින්ද විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල් සහ කමිඳු මෙන්ඩිස්, රිච්මන්ඞ් විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. 

මෙවර රිච්මන්ඞ් විදුහල් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තවීෂ අභිෂේක් ද, මහින්ද විදුහල් පිලේ නායකයා ලෙස විනුර දුල්සර ද, කටයතු කරති. 

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන රිච්මන්ඞ් විදුහල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී මාතර ශාන්ත සර්වේශස් විදුහලට සහ මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ. රිච්මන්ඞ් විදුහල මෙම තරග වාරයේ අපරාජිත කණ්ඩායමකි. 

මෙවර රිච්මන්ඞ් විදුහල් පිලට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ සඳුන් මෙන්ඩිස්, තවීෂ අභිෂේක් සහ දිලුම් තිලකරත්න යන ක්‍රීඩකයන් ඇතුළත්ව සිටීම මහින්ද විදුහලට ප්‍රබල අභියෝගයක් වී තිබේ.  දකුණත් පිතිකරු තවීෂ අභිෂේක් මෙම තරග වාරයේ ලකුණු 689 ක් රැස්කරමින් රිච්මන්ඞ් විදුහල් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. අදිත්‍ය සිරිවර්ධන (ලකුණු 619), විනුජ කිරිල්ල (ලකුණු 449) සහ දිලුම් තිලකරත්න (ලකුණු 368) රිච්මන්ඞ් විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති. 

වමතින් දඟ පන්දු යවන දිලුම් තිලකරත්න මෙම තරග වාරයේ කඩුලු 70 ක් දවාගනිමින් රිච්මන්ඞ් විදුහල් පිලේ ඉහළම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා වයස 19 න් පහල පිලේ සඳුන් මෙන්ඩිස්, මහින්ද විදුහල් පිතිකරුවන් පාලනය කිරීමට සූදානමින් සිටියි. අම්ෂි ද සිල්වා (කඩුලු 23) සහ නිම්නද කිරින්දගේ (කඩුලු 16) රිච්මන්ඞ් විදුහල් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නෝ වෙති.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන මහින්ද විදුහල මෙම තරග වාරයේ තරග 17 කට ක්‍රීඩා කරමින් කොළඹ ඉසිපතන, කෝට්ටේ ජනාධිපති, මීගමුව මාරිස්ටෙලා සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීමට සමත්ව තිබේ. කොටහේන ශාන්ත බෙනඩික් විදුහල හමුවේ පරාජයට පත්විය. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන සහ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් මාලිංග මෙවර මහින්ද විදුහල පිල නියෝජනය කිරීම රිච්මන්ඞ් විදුහල් පිලට හොඳ අභියෝගයක් වනවාට සැක නැත. දකුණත් පිතිකරු හංසික වැලිහින්න මෙම තරග වාරයේ ලකුණු 900 ක් ඉක්මවා රැස්කරමින් මහින්ද විදුහල් පිලේ ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. 

නායක විනුර දුල්සර (ලකුණු 800), නිපුන් මාලිංග (ලකුණු 500), නවෝද් පරණවිතාන (ලකුණු 450), අෂීන් කණ්ඩම්බි (ලකුණු 350) සහ කෞෂිත කොඩිතුවක්කු (ලකුණු 350) මහින්ද විදුහල් පිතිකරු ලැයිස්තුවෝ සෙසු ප්‍රබලයෝ වෙති. 

වමතින් දඟ පන්දු යවන කුෂාන් මධූෂ මෙම තරග වාරයේ කඩුලු 60 ක් දවාගනිමින් මහින්ද විදුහල් පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. පසන් පෙතන්ගොඩ (කඩුලු 45), නිපුන් මාලිංග (කඩුලු 25) සහ නවෝද් පරණවිතාන (කඩුලු 15) රිච්මන්ඞ් විදුහල් පිතිකරුවන් පාලනය කිරීමට සූදානමින් සිටින සෙසු මහින්ද විදුහල් පන්දු යවන්නෝ වෙති.  

 

රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: ලක්මාල් ද සිල්වා මහතා (සහය පුහුණුකරු), ධම්මික සුදර්ශන මහතා (ප්‍රධාන පුහුණුකරු), එස්. එස්. නාගහවත්ත මහතා (නියෝජ්‍ය විදුහල්පති), තවීෂ අභිෂේක් (නායක), සම්පත් වේරගොඩ මහතා (විදුහල්පති), අදිත්‍ය සිරිවර්ධන (උප නායක), එස්. ආර්. නානායක්කාර මහතා (ක්‍රිකට් බාර ආචාර්ය) සහ සඳුන් මෙන්ඩිස්

පසු පෙළ වමේ සිට: නිම්නද කිරින්දගේ, දිමුත් සඳරුවන්, අම්ෂි ද සිල්වා, දිලුම් තිලකරත්න, කමිඳු නිර්මාන, සනුල් සංදීෂ්, කල්ප නෙත්සර, විනුජ කිරිල්ල, අචින්ත ඉසිවර, සම්මු විමුත්, භානුක මනෝහර සහ චමත් දිල්සර

මහින්ද විදුහල් කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: නිපුන් මාලිංග, නවෝද් පරණවිතාන, අනිල් රිදීගම්මනගෙදර (ප්‍රධාන පුහුණුකරු), විනුර දුල්සර (නායක), ගාමිණි ජයවර්ධන මහතා (විදුහල්පති), අෂින් කණ්ඩම්බි (උප නායක), නිශාන්ත කුමාර මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), හංසික වැලිහින්ද, සුනෙත් කුඩාහෙට්ටි මහතා (සහය පුහුණුකරු)

පසු පෙළ වමේ සිට: රන්මිණ හෙට්ටිආරච්චි, ධනුජ ඉඳුවර, අෂේන් ශාමික, කුෂාන් මධූෂ, පසන් පෙතන්ගොඩ, ඔසිඳු කුලරත්න, සුභානු රාජපක්‍ෂ, සදෙව් ඉඳුවර, කවීෂ මාලියවඩු, කෞෂිත කොඩිතුවක්කු සහ ළහිරු භාෂණ

 

 


  


අදහස් (0)

ගාලු ආදරවන්තයන්ගේ සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.