Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගිණිසිළුව රැගෙන යන ධාවනය අවලංගු කරයි

ගිණිසිළුව රැගෙන යන ධාවනය අවලංගු කරයි

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් ගිණිසිළුව රැගෙන ටෝකියෝ නුවර විදී හරහා ගමන් කිරීමට නියමිතව තිබූ සහාය ධාවනය කො‍රෝනා වසංගතයේ බලපෑම හමුවේ අවලංගු කිරීමට සිදුවූ බව ඔලිම්පික් සංවිධායකයෝ නිවේදනය කරති.

අද (9 වැනිදා) සිට ටෝකි‍යෝ නගරයේ මහජන ස්ථාන හරහා ගමන් කිරීමට නියමිතව තිබූ එම සහාය ධාවනය වෙනුවට අන්තර්ජාලය හරහා විකාශනය වන ගිනි දැල්වීමේ උත්සව ආදේශ කිරීමට පියවර ගෙන ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වුවත් ටෝකියෝ නුවරට දකුණු දෙසින් පිහිටි ඔගසවරා දූපත්වල පමණක් මෙම සහාය ධාවනය පැවැත්වීමට අවසර ලබාදී ඇති බව ඔලිම්පික් සංවිධායකයෝ පවසති. සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව එම ප්‍රදේශය අඩු වශයෙන් වසංගතය පැතිරයෑම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

ජපාන‍යේ මහජනතාවගේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල, දැඩි සෞඛ්‍ය නීති රීති මධ්‍යයේ අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කො‍රෝනා වසංගතය පැතිර යෑම වලක්වාලීම වෙනුවෙන් ‍ඔලිම්පික් උළෙල අවලංගු කර දැමීමට හෝ කල්දැමීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් එරට ජනතාව මාර්ග දෙපස රැස්වෙමින් සිය විරෝධය පල කලහ.

මාර්තු මාසයේදී ආරම්භ වූ රට පුරා ඔලිම්පික් ගිණිසිළුව රැගෙන සහාය ධාවනයටද වරින් වර විවිධ බාධා එල්ල විය. එහි ඇතැම් අදියර අවලංගු කර දැමීමට සංවිධායකයන්ට සිදුවූ අතර ඇතැම් අදියර කඩාකප්පල් විය.


 

-036


අදහස් (0)

ගිණිසිළුව රැගෙන යන ධාවනය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.