Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග අනිද්දා

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග අනිද්දා

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ මගින් සංවිධානය කරන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය අනිද්දා (19 වැනිදා) ත්‍රිකුණාමලය වරාය නගරයට සමීපව පිහිටි චීන වරාය ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. 

මෙවර තරගාවලිය සඳහා දේශීය සහ විදේශීය ගෝල්ෆ් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 70 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. 

තරගාවලියේ ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාව ගුවන් හමුදාපති කුසලානට හිමිකම් කියන අතර තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට සහ ක්‍රිඩිකාවට එයාර් මාර්ෂල් කපිල ජයම්පති අභායෝග කුසලාන පිරිනැමේ. 

එම කුසලානවලට අමතරව දීර්ඝතම පහර, සිදුර ආසන්නයටම එල්ල කරන ලද පහර, තෝරාගන්නා සිදුරු 4 ක් සඳහා වැයකරනු ලබන අවම පහර සංඛ්‍යාව, කණ්ඩායමක් එක් සිදුරක් අවසන් කිරීම සඳහා ගතකරනු ලබව අවම කාලය සඳහාද එහිදී ත්‍යාග පිරිනැමීමට නියමිතය. 

මෙවර තරගාවලියට සහභාගිවන සියළුම තරගකරුවන්ට සහ තරගකාරියන්ට ගුවන් හමුදා හෙලිටුවර්ස් සේවයේ එම්.ඒ. 60 ගුවන් යානයක් මගින් කොළඹ සිට චීනවරාය දක්වා ප්‍රවාහන පහසුකම් සලසනු ලැබේ. 

තරගාවලියේ ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය හෙට පස්වරුවේ කින්නියාහි මාර්බල් බීච් රිසෝට්හිදී පැවැත්වීමට නියමිතය. 

-036


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.