Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගොල්ෆ් තරගාවලිය 22 දා

ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගොල්ෆ් තරගාවලිය 22 දා

ශානුක අරවින්ද - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ, ගුවන් හමුදාවට අයත්, චීන වරාය ‘ඊගල්ස්’ ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 8 වැනි වරටත් සංවිධානය කරන කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ විවෘත කාණ්ඩයේ ශූරයාට සහ ශූරියට ගුවන් හමුදාපති අභියෝග කුසලාන පිරිනැමෙන අතර දක්ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඊගල්ස් අභියෝග කුසලාන පිරිනැමේ.

ඩයලොග් සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 24 වැනිදා පස්වරුවේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 


අදහස් (0)

ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගොල්ෆ් තරගාවලිය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.