Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදාව අපරාජිතව අවසන් තරගයට

ගුවන් හමුදාව අපරාජිතව අවසන් තරගයට

editorial - 2024 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහයෝගයෙන් නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානය මෙහෙයවන පළමු ප්‍රධානතම (ප්‍රිමියර්) ලීග් අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාවලියේ අවසන් මහ තරගයට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වන්නටද ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණි.

තරග 28 කින් සමන්විත වූ තරගාවලියේ මූලික වටයේදී ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට එහිදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

එම දෙපිල අතර පැවති තරගාවලියේ දෙවැනි අදියර තරගය ජය ගනිමින් අවසාන මහා තරගයට වරම් ලබා ගැනීමට චාමර මෙල්ඩර් ගේ නායකත්වයෙන් සැදුම්ලත් ගුවන් හමුදා සමාජයට එහිදී හැකියාව ලැබිණි.

කොළඹ රීඩ් මාවත කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණු මෙම තරගයේ දී ගෝල් 5 - 2 ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් 2 - 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා සමාජයට එහිදී හැකි විය.

ගුවන් හමුදා ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ළහිරු වීරසූරිය පොලිස් ක්‍රීඩකයන් අභිබවා යමින් මෙම තරගයේදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේය. ඉන්දීය ක්‍රීඩක විකාෂ් චෞද්‍රි ගුවන් හමුදා කණ්ඩායමේ දක්ෂතා තවදුරටත් ඉහළ නංවමින් මෙහිදී ගෝල දිවිත්වයක් වාර්තා කිරීමත් කැපී පෙණුනි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් පකිස්තානු ක්‍රීඩක මෝෂීන් ජට් සහ කේ.ජී. බණ්‌ඩාර බැගින් ගෝල රැස් කිරීමට සමත් විය.

මෙම තරගයෙන් පරාජය ලැබූ පොලිස් කණ්ඩායමට එරෙහිව යුද හමුදා කණ්ඩායම අද (7) පස්වරු 4 ට කොළඹ රීඩ් මාවතේ පිහිටී කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

ප්‍රසාද ලකුණු පුවරුවේ සිවු වැනි ස්ථානයේ පසු වන ආදී සේනානායක ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 5 - 1 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයේ ඒ වන විට පසුවූ යුද හමුදා ක්‍රීඩා සමාජයට ඒ අනුව හැකියාව ලැබුණි.

එම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල තත්ත්වය වූයේ ගෝල 2 - 1 කි.

සේනානායක පිල වෙනුවෙන් එහිදී එකම ගෝලය ධම්මික අබේරත්න රැස් කළේය. ජයග්‍රාහී පිල වෙනුවෙන් කැපී පෙණුනු රජිත කුලතුංග ගෝල දෙකක් ලබද්දී චතුරංග චන්ද්‍රසේන, ධම්මික රණසිංහ සහ කුසල් තිලකසිරි එහි සෙසු ගෝල ලාභියෝ වූහ.

පළමු වරට හදුන්වා දුන් මෙම තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන්ද සහභාගි කර ගැනීමට ගත් තීරණය හමුවේ ගුවන් හමුදා, පොලිස් හා ආදි සේනානායක යන කණ්ඩායම් සදහා ඉන්දීයාව හා පාකිස්තානය යන රටවලින්ද ප්‍රබල ක්‍රීඩකයෝ පිරිසක් සහභාගිවී සිටිති. මෙම තරගාවලියේ අවසන් පූර්ව හා මහ තරගය නොවැම්බර් 7 හා 10 යන දිනවල රීඩ මාවත කෘතිම හොකී පිටියේදී පැවැත්වීමට සැළසුම් කර ඇත.

හමුදා ක්‍රීඩා සමාජය 


අදහස් (0)

ගුවන් හමුදාව අපරාජිතව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.