Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන කාන්තා ගෝන් ප්‍රී චෙස් තරගාවලිය මේ මස 25 වැනිදා සිට අගොස්තු මස 2 වැනිදා දක්වා නුගේගොඩ චෙස් සම්මේලන මූලස්ථාන ශාලාවේදී පැවැත්වේ. මෙම තරගාවලියේ තරග කොටස් දෙකකින් සමන්විත වන අතර එහි පළමු කොටස මේ මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වාද, දෙවැනි කොටස 31 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය.
කොරෝනා වසංගතයෙන් පසුව මෙරටදී පැවැත්වෙන පළමු කාන්තා චෙස් තරගාවලිය මෙය වන අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනකු සහභාගි වෙති. අවසන් වරට පැවැති චෙස් තරගාවලිවලදී දැක්වූ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය එම ක්‍රීඩිකාවන් 12 දෙනා තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.
ඩබ්ලිව්.අයි.එම්. සචිනි දිනුෂිමා, ඩබ්ලිව්.එෆ්.එම්. දිනුෂ්කි ප්‍රේමනාත්, නෙලූකා මෙත්මානි, ඩබ්ලිව්.සී.එම්. නික්ලේෂා තරුෂි, අශ්විනී පවලචන්ද්‍රන්, ජනන්දනී අබේසිංහ, නේමින්දි ලිනායා, ඔනෙලි වීරවර්ධන, ප්‍රසංසා ප්‍රේමනාත්, තරුෂි සංදීපනී, සයුමි ගමගේ සහ සයුමි විමන්සා මෙම තරගාවලියට සහභාගිවන ක්‍රීඩිකාවෝ වෙති.
මෙම තරගාවලියේදී ක්‍රීඩිකාවක් අනෙක් සෑම සෑම ක්‍රීඩිකාවකට එරෙහිවම (ලීග් පදනම මත) තරග වැදිය යුතු අතර ඒ අනුව එක් ක්‍රීඩිකාවකට එහිදී තරග 11 කට බැගින් සහභාගිවීමට සිදුවනු ඇත. තරගාවලියේදී පැවැත්වෙන මුලු තරග සංඛ්‍යාව 66 කි. එම තරග 66 අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩිකාව තරගාවලියේ ශූරිය බවටත් දෙවැනියට වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩිකාව අනු ශූරිය බවටත් පත්වනු ඇත.
ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම්, සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. එහිදී බෙදා දීමට නියමිත මුලු ත්‍යාග මුදල රුපියල් 70,000 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.