Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චන්දිම - තස්මිලා කැරම් ශූරතා දිනති

චන්දිම - තස්මිලා කැරම් ශූරතා දිනති

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

----------------------
ශානුක අරවින්ද
----------------------

දින තුනක් පුරා ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම සමත් වූයේය. කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තස්මිලා කාවින්දි සමත් වූවාය. ඔවුහු දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගාවලියට එක්වූහ.

පිරිමි කේවල අවසන් තරගයේදී තියුණු සටනකින් අනතුරුව වට 2-1 ක් ලෙස (25/24, 17/25, 25/24) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම ක්‍රීඩකයකු වන හසිත අනුරුද්ධ පරාජය කිරීමට උදේශ් චන්දිම සමත් විය. කාන්තා කේවල අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි රණවීරට එරෙහිව වට 2-0 ක (25/17, 25/0) පහසු ජයක් වාර්තා කිරීමට තස්මිලා කාවින්දි සමත් වූවාය.

බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී (කැරම්) නිශාන්ත දයාසිරි මහතා විසින් මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවන ලදි. කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 150 කට අධික කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වූහ.

හතලිස් හයවැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත නියෝජනය කරන කැරම් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය. මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු තෝරාගනු ලැබූහ.


පිරිමි කණ්ඩායම
උදේශ් චන්දිම (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), හසිත අනුරුද්ධ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව), ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය), ප්‍රමේද මෙන්ඩිස් (කැලණිය විශ්ව විද්‍යාලය), සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව), චරිත් මධුසංක (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ එවෝන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)


කාන්තා කණ්ඩායම
තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා බාලිකා), මධූකා දිල්ෂානි රණවීර (ශ්‍රී ලංකා යුද හමුදාව), ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව), දෙටුනි නොමායා (ශ්‍රී ලංකා යුද හමුදාව), නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා), සසිකා සඳමාලි (ශ්‍රී ලංකා යුද හමුදාව), එම්.චිත්‍රාදේවී (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

 


අදහස් (0)

චන්දිම - තස්මිලා කැරම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.