Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 110 ක ජයක් ලබාගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය ඊයේ (31 වැනිදා) සමත්විය. මෙම තරගය නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
චමිඳු විජේසිංහ දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 8 ත් සමගින් ලකුණු 71 කට කඩුලු 12 ක් දවාගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 329
(අවිශ්ක පෙරේරා 169, ලක්ෂිත රසාංජන 111, කවිඳු නදීශාන් 113/4, අරෝෂ ද සොයිසා 67/2)
ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.5 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(අරෝෂ ද සොයිසා 54, හසිත ඉමන්තක 25, ලක්ෂිත රසංජන 18/5, චමිඳු විජේසිංහ 34/4)
ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(දිනුක දිල්ශාන් 44, අරෝෂ ද සොයිසා 32, චමිඳු විජේසිංහ 37/8, කවීශ් මදුරප්පෙරුම 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.