Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චමිඳු වික්‍රමසිංහගේ (128) දක්ෂ පිතිහරඹය හමුවේ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 102 වැනි ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (8 වැනිදා) පළමුවෙන් පන්දුවට පරහදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 298 ක් ලබාගත්තේය.
ඉන් අනතුරුව සිය ඉනිම අත්හිටවූ ශාන්ත අන්තෝනි විදුහල, පන්දුවට පහරදීම සඳහා ත්‍රිත්ව විදුහලට ආරාධනා කර සිටියේය. පළමු දිනය අවසානයේ තරගය නතර කරන විට ත්‍රිත්ව විදුහල කඩුල්ලක් දැවී ලකුණු 20 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ නායක තීක්ෂ ගුණසිංහ පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණයට සාධාරණය ඉටුකළ ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ පන්දු 190 කදී ලකුණු 128 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.
අසිත වන්නිනායක (54) සමග එක්ව ශාන්ත අන්තෝනි විදුහල් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමිඳු සමත් විය. පන්දු 66 කදී වාර්තා වූ අසිතගේ අර්ධ ශතකයද හතරේ පහර 11 කින් සමන්විත විය.
ඉන් නොනැවතුන චමිඳු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක තීක්ෂ ගුණසිංහ (25) සමග එක්ව ලකුණු 61 ක්ද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් වැරැල්ලගම (21) සමග එක්ව ලකුණු 76 ක්ද එක්කරමින් ශාන්ත අන්තෝනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ත්‍රිත්ව උප නායක කවිෂ්ක සේනාදීර ලකුණු 98 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර අභිෂේක් ආනන්දකුමාර කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 77 ක් ලබා දෙමිනි.
හෙට (9 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී 298
(චමිඳු වික්‍රමසිංහ 128, අසිත වන්නිනායක 54, තීක්ෂ ගුණසිංහ 25, ලසිත් වැරැල්ලගම 21, තමාෂන අබේකෝන් 21, කවිෂ්ක සේනාදීර 98/4, අභිෂේක් ආනන්දකුමාර 77/2)
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 9 කදී කඩුල්ලක් දැවී 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.