Last Update  :  2025-03-31 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චලිත ඉලක්කවලට වෙඩි තැබීමේ තරගාවලිය

චලිත ඉලක්කවලට වෙඩි තැබීමේ තරගාවලිය

editorial - 2025 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනුල ලබන විවෘත ‘ස්කීට්’ (චලනය වන තනි ඉලක්කය) තරගාවලිය සහ විවෘත ‘ට්‍රැප්’ (චලනය වන ද්විත්ව ඉලක්ක) වෙඩි තැබීමේ තරගාවලිය පයාගල වෙඩි තැබීමේ පිටියේ ඇති ‘කොළඹ ක්ලේ ටාගට්’ වෙඩි තැබීමේ සමාජයේදී පැවැත්වේ.

මෙම ඉසව් දෙකෙන් පළමුවැන්න වන විවෘත ‘ස්කීට්’ (චලනය වන තනි ඉලක්කයට වෙඩි තැබීමේ) තරගාවලිය මේ මස 15 සහ 16 යන දිනවල පැවැත්වේ. ඉන් අනතුරුව විවෘත ‘ට්‍රැප්’ (චලනය වන ද්විත්ව ඉලක්කයන්ට වෙඩි තැබීමේ) තරගාවලිය මාර්තු 27 සිට 30 දක්වා පැවැත්වේ.

සියලුම කාණ්ඩවල සිටින ශ්‍රී ලංකාවේ මැටි ඉලක්ක වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික සංචිත යාවත්කාලීන කිරීම සඳහාත් ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ කණ්ඩායම් තෝරා ගැනීම සඳහාත් මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගන්නා ප්‍රසාද ලකුණු සලකා බැලෙනු ඇත. 

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, සුපිරි ජ්‍යෙෂ්ඨ සහ කාන්තා යන කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වේ. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රමුඛතම වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 15 ක ක්‍රීඩක ක්‍රීඩකාවෝ සභාගි වෙති. 


තරගාවලියට ක්‍රීඩකයන් ඉදිරිපත් කරන වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ
කොළඹ මැටි ඉලක්ක වෙඩි තැබීමේ සමාජය, මීගමුව රයිෆල් සමාජය, මැග්නම් ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය, වයඹ ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය, කඳුකර ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය, කේම්බි්‍රයන් වෙඩි තැබීමේ සමාජය, ස්කොපියන් වෙඩි තැබීමේ සමාජය, පොලිස් වෙඩි තැබීමේ සමාජය, යුද හමුදා කුඩා අවි සංගමය, ශ්‍රී ලංකා නාවික හමුදා මස්කට්, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ සමාජය, ඇතුගල ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය, සියනෑ රයිෆල් සමාජය, නුවරඑළිය ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය සහ මාගම් ක්‍රීඩා වෙඩි තැබීමේ සමාජය 

- 213


අදහස් (0)

චලිත ඉලක්කවලට වෙඩි තැබීමේ තරගාවලිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.