Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චාතූර්ය ත්‍රිත්ව ශූරතා දිනාගනී
මැටි පිටි ටෙනිස් ශූරතාවලිය - 2022

චාතූර්ය ත්‍රිත්ව ශූරතා දිනාගනී

editorial - 2022 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධනයෙන් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මැටි පිටි ටෙනිස් ශූරතාවලියේ විවෘත කාණ්ඩයේ ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට චාතූර්ය නිලවීර සමත් විය. අංජලිකා කුරේරා එහිදී ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවාය.

පිරිමි කේවල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස සයිධ් සිහාර් පරාජය කළ චාතූර්ය, පිරිමි යුගල අවසන් තරගයේදී ටෙහාන් විජේමාන්න සමග එක්ව වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා සහ ධිල්වන් හේරත් පරාජය කිරීමට සමත් විය.

ඉන් නොනැවතුන චාතූර්ය, මිශ්‍ර යුගල අවසන් තරගයේදී සවිනි ජයසූරිය සමග එක්ව වට 2-0 ක් ලෙස ධිල්වන් හේරත් සහ කෙමාලි හේරත් පරාජය කරමින් විවෘත කාණ්ඩයේ ත්‍රිත්ව ශූරතාවන්ට හිමිකම් කී එකම ක්‍රීඩකයා බවට පත් විය.

අවසන් තරගයේදී නෙයාරා වීරවංශට එරෙහිව වට 2-0 ක ජයක් ලබමින් කාන්තා කේවල ශූරතාව දිනාගත් අංජලිකා, කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීවේ නෙයාරා සමග එක්ව තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි පරාජය කරමිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව කටයුතු කළේය.

 
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස සයිධ් සිහාර් පරාජය කරන ලදි. (6/0, 7/5)

පිරිමි යුගල
චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න විසින් වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා සහ ධිල්වන් හේරත් පරාජය කරන ලදහ. (7/5, 6/4)

කාන්තා කේවල
අංජලිකා කුරේරා විසින් වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ පරාජය කරන ලදි. (6/1, 7/6)

කාන්තා යුගල
අංජලිකා කුරේරා සහ නෙයාරා වීරවංශ විසින් වට 2-1 ක් ලෙස සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (6/1, 1/6, 11/9)

මිශ්‍ර යුගල  
චාතූර්ය නිලවීර සහ සවිනි ජයසූරිය විසින් වට 2-0 ක් ලෙස ධිල්වන් හේරත් සහ කෙමාලි හේරත් පරාජය කරන ලදහ. (6/2, 6/2)

 


අදහස් (0)

චාතූර්ය ත්‍රිත්ව ශූරතා දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.