Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චීන කෝෆ්බෝල් කණ්ඩායමක් එයි

චීන කෝෆ්බෝල් කණ්ඩායමක් එයි

editorial - 2023 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ගම්පහ තිලකරත්න දිසානායක)

චීන හොං කොං රාජ්‍යයේ හැමසිං කෝෆ්බෝල් කණ්ඩායම පුහුණු තරග 3 ක් සඳහා මෙම 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි.  විදේශීය කෝෆ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරය මේ මස 23 වෙනි දින සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය සදහන් කරයි.

හැමසිං කෝෆ්බෝල් කණ්ඩායම මේ මස 24 වැනිදා පෙරවරුවේ ගම්පහ මැක්රෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පළමු පුහුණු තරගයට සහභාගි වෙයි. 25 වැනිදා දෙවන පුහුණු වැඩසටහන සහ පුහුණු තරඟය කොළඹ ලුම්බිණි විදුහලේදීත්, 26 වැනිදා  තුන්වන පුහුණු තරඟය සහ පුහුණු වැඩසටහන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වෙන  බව ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමයේ ප්‍රධාන ලේකම් පී.මදුරප්පෙරුම මහතා පැවැසීය.


අදහස් (0)

චීන කෝෆ්බෝල් කණ්ඩායමක් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.