Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
රාජ්‍ය සේවා, සංස්ථා සහ වෙළද සේවා ආයතන සේවකයන් සඳහා වන වේගී සහ අධි වේගී චෙස් තරගාවලිය මේ මස 9 සහ 10 දෙදින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වෙළද සේවා චෙස් සම්මේලනයේ පූර්ණ් අනුග්‍රාහයෙන් හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙය කණ්ඩායම් චෙස් තරගාවලියකි. වේගී චෙස් තරගාවලිය 9 වැනිදාත් අධිවේගී තරගාවලිය 10 වැනිදාත් පැවැත්වේ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 10 වැනිදා පස්වරු 3.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජය ගන්නා කණ්ඩායම්වලට රන්, රිදී සහ ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමේ. තවද සෑම තරගාවලියකම දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ඔවුනට කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමෙන බව තරග සංවිධයකයෝ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.