Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන අගෝස්තු මස 29 වැනිදා පෙරවරු 11.00 ට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ මූලස්ථානයේදී පැවැත්වේ. සම්මේලනයේ සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් විජේසූරිය මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.
1996 සහ 2000 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ ජාතික චෙස් ශූරයා වූ විජේසූරිය මහතා, 1983 සිට 2008 දක්වා වසර 25 ක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත. චෙස් ඔලිම්පියාඞ් තරගාවලි 8 කට සහභාගි වී ඇති ඔහු, 1995 වසරේදී සිංගප්පූරුවේ පැවති ආසියානු කණ්ඩායම් චෙස් ශූරතාවලියේදී රන් පදක්කමක්ද දිනා ගත්තේය.
ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පරිපාලකයකු ලෙස නැවතත් ක්‍රීඩාව සමග එක්වූ විජේසූරිය මහතා, මේ වන විට දකුණු ආසියානු චෙස් කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඔහු ආසියානු චෙස් සම්මේලනයේද උප සභාපතිවරයෙකි.
උපාලි ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් චෙස් නිලවරණ කමිටුවට අරුණ ද සිල්වා මහතා සහ නදීකා පෙරේරා මහත්මියද ඇතුළත්ව සිටිති. නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම පෙරේදා අවසන් වූ අතර එදිනම පස්වරු 2.00 ට මහරගම, නාවින්න පොලිමත් විද්‍යාලයේදී නාම යෝජනා විවෘත කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.
සියලුම තරනතුරු සඳහා එක් නාම යෝජනා කට්ටලයක් පමණක් ඉදිරිපත්ව තිබූ බැවින් නාම යෝජනා ඉදිරිපත්කර ඇති සියලු දෙනා නිලවරණය පැවැත්වෙන දිනයේදී ඒ ඒ තනතුරු සඳහා නිතරගයෙන් පත්වීමට නියමිතය.
එහිදී සංගමයේ ලේකම්වරයා ලෙස මලිත් අකලංක මහතාද, භාණ්ඩාගාරිකවරයා ලෙස ඉරෝෂ් ජයසිංහ මහතාද පත්වීමට නියමිත අතර නියෝජ්‍ය සභාපතිවරයකු, උප සභාපතිවරු 8 දෙනෙකු, සහාකාර ලේකම්වරයකු, තරග ලේකම්වරයකු, සහකාර භාණ්ඩාගාරිකවරයකු සහ කමිටු සාමාජිකයන් 7 දෙනකුද එහිදී පත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.