Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රමණි - ශීලා සම්මාන ලබති

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රමණි - ශීලා සම්මාන ලබති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පසුගිය වසරේ පැවැති 17 වැනි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රමණි ගුණසේකර සහ ශීලා ජයසිංහ සම්මාන ලැබූහ.

මෙම උපහාර උළෙල ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.   

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප‍්‍රධාන ශාඛාවේ සේවයේ නියුතු රමණි ගුණසේකර එම තරගාවලියේ වයස 45 ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදි පදක්කම සහ මීටර 80 කඩුලූ පැන දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
නිට්ටඹුව ශාඛාවේ සේවයේ නියුතු ශීලා ජයසිංහ වයස 40 ට වැඩි වයස් කාණ්ඩයේ මීටර 4ඃ100 කාන්තා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා පිල නියෝජනය කළාය.

 


අදහස් (0)

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රමණි - ශීලා සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.