Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කනිෂ්ඨ තරගාවලිය අවුල් ජාලයක්

ජාතික කනිෂ්ඨ තරගාවලිය අවුල් ජාලයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියට සමගාමීව ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය අවුල් ජාලයක් බවට පත්වූ බව තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දෙමාපියෝ මෙන්ම පුහුණුකරුවෝත් කියති. මෙම තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ පාසල් කිහිපයකදී පැවැති අතර අවසන් වටයේ තරග කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය.

කනිෂ්ඨ තරගාවලිය ඔක්තෝබර් මස 22 වැනිදා ආරම්භ කෙරෙන බවත්, එහි මූලික වටයේ තරග 22 සහ 23 යන දින වලදී කොළඹ රාජකීය, ඞී. එස්. සේනානායක, ලූමිබිණි, ශාන්ත පීතර විදුහල් වලදී මෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන කී‍්‍රඩාංගණ වලදී පැවැත්වෙන බවත් පාසල් බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීහු කියා සිටියහ. එසේ වුවත් වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාවක් සහභාගි වූ 13 න් පහළ වයස් කාණ්ඩයේ මූලික වටයේ තරග 24 වැනිදා වන තුරු ආරම්භ කිරීමට සංවිධායකයෝ අපොහොසත් වූහ.

ඔක්තෝබර් 22 සහ 23 යන දිනවලදී 13 න් පහළ වයස් කාණ්ඩයේ තරග නොපැවැත්වෙන බව එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට දැනුම්දීමට පවා සංවිධායකයන් නිසි පරිදි පියවර ගෙන නොතිබිණ. කොළඹ අවට ඇතැම් පාසල්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය තරග 24 වැනිදා දක්වා කල්දමා ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගෙන තිබුණද, බහුතරයක් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඒ බව නොදැන එම දින වලදී තරග පැවැත්වෙන ස්ථාන වලට ගොස් නැවතත් නිවෙස් බලා ගිය බව දෙමාපියෝ කියති.  

ඔක්තෝබර් 24 වැනිදා ශාන්ත පීතර විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පෙරවරු 12.00 දක්වා 13 න් පහළ බාලක තරගද, පෙරවරු 12.00 න් පසුව 13 න් පහළ බාලක තරගද පවත්වන බව පසුව සංවිධායකයන් දැනුම්දී තිබුණද, එදින පස්වරු 1.30 වන තුරද බාලක තරග ආරම්භ කිරීමට ඔවුහු අපොහොසත් වී තිබිණ. බාලක තරග පමා වී ආරම්භ කිරීම නිසා බාලිකා තරග වලින් කොටසක් 25 වැනිදාට කල්දැමීමට සංවිධායකයන්ට සිදුවිය. ඒ හේතුවෙන් තම දරුවන් තරග වලට සහභාගි කරවීම සඳහා එහි ගොස් සිටි ඇතැම් දෙමාපියන්ට දිනය පුරා එහි රැුදී සිට නැවත නිවෙස් බලා යාමට සිදුවූ බවද දැනගන්නට ලැබිණ.

මෙවැනිම සිදුවීමකට මුහුණදීමට අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ කී‍්‍රඩකයන්ටද සිදු වී තිබිණ. ඔක්තෝබර් 27 වැනිදා කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමතව තිබූ 17 න් පහළ වයස් කාණ්ඩයේ බාලක අර්ධ අවසන් පූර්ව තරග පිහාටු මල් (ශට්ල් කොක්) අවසන්ව ඇති බව පවසමින් එම තරග 28 වැනිදාට කල්දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ කොළඹ දිස්ති‍්‍රක් තරග වලදී පළමු වටයෙන්ම ඉවතට විසිවී ගිය කී‍්‍රඩකයෙක් තරගාවලි ලේකම්වරයාගේ උදව්වෙන් නැවතත් ප‍්‍රධාන තරගාවලියට ඇතුළත් වී ඇති බවටද චෝදනා එල්ල විය. ඒ පිළිබඳව දෙමාපියන් විමසා සිටි අවස්ථාවේ එම චෝදනාවෙන් ගැළවීමට උපක‍්‍රමයක් ලෙස වරින්වර තරග පෙළගැස්ම වෙනස් කිරීමටද තරගාවලි ලේකම්වරයා පියවරගෙන ඇති බවද කියැවේ.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිට ඉදිරියට තරග කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී සහ බෝයගනේ යුද හමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය සහතික පත් ලබාගැනීම සඳහා අනිවාර්යෙන්ම අවසන් මහ තරග පැවැත්වෙන දිනයේදී කුරුණෑගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයට පැමිණිය යුතු බවත්, එදිනට නොපැමිණෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සහතිකපත් වලට සංගමය වග නොකියන බවටත් පාසල් බැඩ්මින්ටන් සංගමයේ ඉහළ නිලධාරියෙක් පවසා තිබේ.

සියල්ල එසේ සිදුවද්දී කනිෂ්ඨ තරගාවලියේ සියලූම අවසන් මහ තරග නිමා විමෙන් පසු එහි ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා තරගාවලි ලේකම්වරයා හමුවූ මාධ්‍යවේදියෙකුට ඔහු පවසා ඇත්තේ ඒ මොහොතේ තරග ප‍්‍රතිඵල නිකුත් කළ නොහැකි බවකි.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අවසන් වූ පසු එම ප‍්‍රතිඵල දිය හැකිදැයි විමසා සිටි අවස්ථාවේ ලේකම්වරයා පවසා ඇත්තේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අවසන් වූ පසු තමා නිවෙස බලා පිටත්ව යන බවත්, අවශ්‍ය නම් තමාට මතක ඇති අයුරින් 19 න් පහළ සහ 17 න් පහළ තරග ප‍්‍රතිඵල පමණක් ඒ මොහොතේ පැවසිය හැකි බවත්ය.

දිවයින පුරා පාසල්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මෙවන් ජාතික මට්ටමේ තරගාවලියක් ඉතා දුර්වල අයුරින් සංවිධානය කිරීම හේතුවෙන් ඊට සහභාගි වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට, පුහුණුකරුවන්ට, පාසල්වල කී‍්‍රඩා භාර ආචාර්යවරුන්ට මෙන්ම තරගාවලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුවී තිබිණ. 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ තරගාවලිය අවුල් ජාලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.