Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ ආසියානු කලාප ප්‍රධානී කන් දයී ජෙවුන් මහතා සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී.
තවද ලෝක ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කළ අතර එහි සභාපති වරයා ලෙස සබරගමු පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පත් කරන ලදී.
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් රුවන් අලහකෝන්, තාක්ෂණික කමිටු ප්‍රධානී කී සූ ලී මූල්‍ය පරිපාලක දසුන් විජේසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.