Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මහනුවර විවෘත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මෙම 27 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පොල්ගොල්ල ජාතික සමුපකාර මධ්‍යස්ථාන මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
හැටහතර ස්කෙයාස් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරයි.
තරග වට දහයෙන් ලබාගන්නා ලකුණු අනුපිළිවෙළ අනුව විවෘත කාණ්ඩයේ ශූරයා, ශූරිය වයස 8න් පහළ 10න් පහළ, 12න් පහළ, 14න් පහළ සහ 16න් පහළ බාලක හා බාලිකා ඉසව් ජයග්‍රාහකයන් තෝරා ගැනේ.
විවෘත කාණ්ඩයේ ශූරයාට රුපියල් 150000ක් හා අනුශූරයාට රුපියල් 100000ක් ද තෙවැනියාට රුපියල් 75000ක් ද ඇතුළුව එහිදී මුදල් ත්‍යාග රැසක් ප්‍රදානය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.