Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික අයෝමය ශූරයා චමින්ද: ශූරිය චලනි

ජාතික අයෝමය ශූරයා චමින්ද: ශූරිය චලනි

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජාතික අයෝමය ශූරයා (2021) ලෙස ගුවන් හමුදා ක්‍රීඩක ඩබ්.එම්. චමින්ද පීරිස් ශූරතා කුසලාන දිනා ගත්තේය. ඒ වෙනුවෙන් චමින්දට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් හිමි විය.

වැලිසර නවලෝක පිටියේ දී තරගකරුවන් හා තරගකාරියන් 183 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති 2021 ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය ජයගත් චමින්ද පීරිස් අවසන් වරට පැවැති 2019 තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් ක්‍රීඩකයායි.

චමින්ද පීරිස් මූලික වටයේ දී කිලෝග්‍රෑම් 85 බර පංතිය ජය ගත් ක්‍රීඩකයායි. කොවිඩ් ව්‍යසනය හමුවේ ජාතික ආයෝමය ශූරයා තේරීමේ තරගාවලිය පැවැත්වීම පසුගිය වසර දෙකේම (2020-21)  අත්හිටුවීමට සිදුවිය.

මේ අතර නරඹන්නන්ගේ ඉහළ අවධානය දිනා ගත් කාන්තා (මස්පිඩු) තරග ඉසව්වේ ජය හිමිවූයේ චලනි රයිගම්බණ්ඩාරටය. ඇය බොඩිටෝන් ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරග වැදුණාය. මෙම කාන්තා ඉසව්වට තරගකාරියෝ හය දෙ​ෙනක් ඉදිරිපත් වූහ.

ජාතික තරගාවලියට බර පංතින් හා ඉසව් නවයක් ඇතුළත් විය. ඒ අතර උස  සෙන්ටිමීටර් 171කට අඩු හා උස සෙන්ටිමීටර් 171ට වැඩි තරගකරුවන් සඳහා වන මස් පිඩු ප්‍රදර්ශන ඉසව් දෙකක් ද පැවැත්විණි.

ප්‍රවීණ කායවර්ධන ශූරයකු වන නිමල් වන්නිආරච්චි ප්‍රවීණයන්ගේ සංගමය (මාස්ටර්ස්) සංගමය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 85ට වැඩි බර පංතිය ජයග්‍රහනය කළේය. ඒ අතර ප්‍රවීණයන් සඳහා වන ඉසව්වෙන්ද ඔහු ජයග්‍රහණය කළේ දෙවැනි තැනට පත් ‘ඔෆ්ටිමම් ෆිට්නස්’ හි ඩී.පී.එස්. චාමර ඩයස් හා තියුණු තරගයකින් පසුවය.

ඒ අනුව ජාතික අයෝමය ශූරයා (2021) දෙවැනි ස්ථානය යුද හමුදා ක්‍රීඩක ආර්.ඒ.පී.ඩී. රාජපක්ෂටත් තෙවනි ස්ථානය නාවික හමුදා ක්‍රීඩක එන්.බී.ඒ.එම්.එම් නාමරත්නටත් හිමි වූහ.

කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය දිනිෂිකා විතානගේටත් (රෙවුලේෂන් ජිම්) හා තෙවැනි ස්ථානය දිලිනි මැණිකේ ඒකනායකටත් (එකෝ ෆ්‍රෙන්ඩ්ලි ජිම්) හිමිවූහ.

බර පංතින් 5කින් සමන්විත කනිෂ්ඨ තරගාවලියේ ශූරයා වූයේ කිලෝග්‍රෑම් 70ට වැඩි බර පංතිය ජයගත් ගෙට් ෆිට් ශාරීරික මධ්‍යස්ථානයේ ෂවින්ද මධුෂාන් විසිනි. කොම්බැට් ශාරීරික මධ්‍යස්ථානයේ ටී.ඩබ්.ඒ.ඒ.ආර්. සමරසිංහ දෙවනි ස්ථානය ද හා මීරිගම බාබෙල් ශාරීරික   යෝග්‍යතා මධ්‍යස්ථානයේ කේ.ජී.ජී. විරාජ් මිතුන් තෙවැනි ස්ථානය ද එහිදී අත්කර ගත්හ.

 


අදහස් (0)

ජාතික අයෝමය ශූරයා චමින්ද: ශූරිය චලනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.