Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කණිෂ්ඨ චෙස් ශූරතාවලිය මැයි 10 සිට

ජාතික කණිෂ්ඨ චෙස් ශූරතාවලිය මැයි 10 සිට

editorial - 2024 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ චෙස් ශූරතාවලිය මැයි මස 10 සිට 14 දක්වා මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය හා මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි වශයෙන් පැවැත්වේ.

මේ තරග ඉසව් දෙකම තරග වට දහයකින් සමන්විතය. තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ අනුව කණිෂ්ඨ අංශයේ ජාතික ශූරයා සහ ශූරිය තෝරා ගනු ලැබේ.

ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ ශූරයාට මුදලින් රුපියල් 50,000ක් ද අනු ශූරයාට මුදලින් රුපියල් 30,000 ක්ද පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 20,000 ක් ද පිරිනමනු ලැබේ.

ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ ශූරියට මුදලින් රුපියල් 40,000 ක්ද අනු ශූරියට මුදලින් රුපියල් 25,000 ක්ද තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 15,000 ක් ද පිරිනමනු ලබයි.


අදහස් (0)

ජාතික කණිෂ්ඨ චෙස් ශූරතාවලිය මැයි 10 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.