Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 26 දා සිට

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 26 දා සිට

editorial - 2021 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී නිලූපුල් ද සිල්වා මහතා (දකුණේ සිට දෙවැනියා) විසින් ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරේන් කොහොඹගේ මහතා (වමේ සිට දෙවැනියා) වෙත අනුග‍්‍රාහක චෙක්පත පිරිනමනු ලැබූ අවස්ථාව.. ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති එරන්ද ගීගනගේ (වමේ) සහ සිලෝන් බිස්කට් සමාගමේ විවිධාංග සහ ප‍්‍රවර්ධන කලමණාකරු පංචමය රත්නායක (දකුණේ) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 32 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.සී.) ස්කොෂ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මාස 8 කට පමණ පසුව මෙරටදී පැවැත්වෙන පළමු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය වන මෙය දැඩි සෞඛ්‍ය විධි විධාන යටතේ පැවැත්වේ.
 
සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙවර ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් එක් වීමට නියමිත අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝද ඊට ඇතුළත් වෙති.

එහිදී බාලක සහ බාලිකා වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. ඊට අමතරව නවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් වයස අවුරුදු 11 න් පහළ, 15 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ ආධුනික තරගද පැවැත්වේ.

වසරේ කනිෂ්ඨ ජාතික ශූරයා සහ ශූරිය තෝරා ගැණෙන වයස 19 න් පහළ බාලක සහ බාලිකා කේවල අවසන් මහ තරග ජනවාරි මස 2 වැනිදා පස්වරු 4.00 ට එස්.එස්.සී. ස්කොෂ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයද පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.