Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශූරයාට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරෙන 73 වැනි ජාතික කායවර්ධන ශූරතා තරගාවලිය ලබන සෙනසුරාදා (19 වැනිදා) පස්වරු 4.00 ට වැලිසර නවලෝක පිටියේදී පැවැත්වේ. අනුශූරයා සඳහා ද මුදලින් රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරෙන මෙවර ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී අයෝමය ශූරිය තේරීම සඳහාද තරගයක් පැවැත්වීමට කටයුතු කෙරේ.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශරීරික යෝග්‍යතා සම්මේලනය පසුගිය වසර දෙකකින් (2020-2021) පසුව මෙම තරගාවලිය සංවිධානය කරයි. කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් කායවර්ධන ක්‍රීඩාවේ ක්‍රියාකාරකම් එකී කාලය තුළදී අත්හිටුවා තිබිණ.
කොළඹ ‘ඔවර්ස්’ ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කේ.එච්. ලයනල් කුමාර මහතා පැවසුවේ අනුග්‍රාහකයෙකු නොමැතිව මෙවර තරගාවලිය පැවැත්වීමට සිදුවුවත් ඊට සහභාගි වන තරගකරුවන් සඳහා ඉහළ පහසුකම් සැලසීමටත් ඔවුන්ට ඉහළ මුදල් ත්‍යාග පිරිනැමීමත් සම්මේලනය උනන්දුවී සිටින බවයි.
කිලෝ ග්‍රෑම් 60, කිලෝ ග්‍රෑම් 65, කිලෝ ග්‍රෑම් 70, කිලෝ ග්‍රෑම් 75, කිලෝ ග්‍රෑම් 80, කිලෝ ග්‍රෑම් 85 හා කිලෝ ග්‍රෑම් 85ට වැඩි යන පරිදි බරපංතීන් රැසක් මෙහිදී පැවැත්වේ. ඒ හැරෙන්නට කාන්තා ඉසව්ව, කනිෂ්ඨ ඉසව්ව හා ප්‍රවීණයන්ගේ තරග ඉසව්වකින්ද තරගාලිය සමන්විතය.
මාංශපේෂි ප්‍රදර්ශන කාන්තා හා පිරිමි ඉසව් කීපයක්ද පැවැත්වේ.
ජාතික අයෝමය ශූරයා තරගාවලියේ අවසන් වටයට නිර්දේශ ලබා සියලු තරගකරුවන්ට මුදල් තිළිණ කෙරේ. සියලු බර පංතීන් ජයග්‍රාහකයන් සඳහා කුසලානයක් බැගින්ද තිළිණ කෙරේ.
මෙම තරගමාලාව සඳහා තරගකරුවෝ 200 ක් පමණ සහභාගි වෙනු ඇතැයි කායවර්ධන සම්මේලනය අපේක්ෂා කරයි. මාර්තු 12 වැනිදායින් පසුව ලැබුණු කිසිදු තරග අයැදුම්පත්‍රයක් බාර නොගත් බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.
මෙම මාධ්‍ය හමුවේදී කායවර්ධන සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා පැවසුවේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුග්‍රාහක මුදලක් ඉල්ලා සිටියත් එය ප්‍රතිකේෂ්‍ප වූ බවය. මීට පෙර පැවැති ජාතික ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් එවැනි ඉල්ලීමක් කළත් එයද ඉටු නොවූ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
වසර දෙකක් පුරා රට තුළ උද්ගත වූ කොවිඩ් වසංගතයේ බලපෑම නිසා ගෘහස්ත ක්‍රීඩා ඉසව්වකට අයත් වනවා ‘කායවර්ධන’ ක්‍රීඩාවට අනුග්‍රාහකයන් සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් වී ඇතැයිද කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය, හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දිර රුද්‍රිගු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 19 වැනිදා රාත්‍රියේදී පැවැත්වේ.
කොවිඩ් නිරෝධායන නීති රීති හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි වන තරගකරුවන්ට කොවිඩ් එන්නත් විදීම සම්පූණ කර තිබීම අනිවාර්ය කර තිබේ. මෙවර එලිමහන් ක්‍රීඩාංගනයක තරගාවලිය පැවැත්වීමට තෝරා ගත්තත් තරග ඉසව් ඒ සඳහාම පිටියේ සකස් කළ විශේෂ ශාලාවක පැවැත්වෙන බවත් තරග සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.