Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය හෙට (24 වැනිදා) සිට 31දක්වා නුගේගොඩ දෙල්කඳ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන මේ තරගාවලිය පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම පැවැත්වේ.
දිවයිනෙන් තෝරගනු ලැබූ චෙස් ක්‍රීඩකයින් 14දෙනෙකු අතර පිරිමි තරගාවලියද තෝරාගනූ ලැබූ චෙස් ක්‍රීඩිකාවන් 14 දෙනෙකු අතර කාන්තා තරගාවලියද පැවැත්වේ.
තරගාවලියට සහභාගී වන සෑම ක්‍රීඩක ,ක්‍රීඩිකාවක්ම ප්‍රතිවාදීන් සියලුදෙනාම සමග තරග කළ යුතුය. ඒ අනුව තරගාවලිය තරග වට දහතුනකින් සමන්විතවේ.
තරගාවලියේ ලකුණු අනුපිළිවෙළ මත වැඩිම ලකුණු ලබා ගන්නා චෙස් ක්‍රීඩකයා ජාතික චෙස් ශූරයා ලෙසද වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩිකාව ජාතික චෙස් ශූරිය ලෙසද තෝරාගනු ලබති.
තරගාවලියේ ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන්ට රන්,රිදී හා ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.