Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොරියාවේ දී පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේශ කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ තේරීම් අවලංගු කරමින් නැවැත ඒ සඳහා තේරීම් කරන ලෙස ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව කළ ඉල්ලීමක් ජාතික දැල්පන්දු තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉල්ලා අස්වීම හැරෙන්නට ඒ සඳහා වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතාට ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මිය දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
දකුණු කොරියාවේ ජියොන්ජු නුවරදී මීළඟ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජුලි 10 වැනිදා සිට 17 වැනිදා දක්වාය. ඒ සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් හා අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.
කෙසේ වුවත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුව නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකාරිණී අමල්කා ගුණතිලක මහත්මියගේ අප්‍රසාදය පළවී තිබේ. එහි ඇතුළත්ව සිටින ඇතැම් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් තමන්ට එකඟවිය නොහැකි බව ඇය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට යොමු කළ ලිපි කිහිපයක දක්වා ඇත.
ඊට ප්‍රතිචාර ලෙස ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම්වරයා කියා සිටියේ නැවත තේරීම් තරගාවලියක් පැවැත්විය යුතු බවයි.
කොරියානු සංචාරයට සූදානම් වෙමින් නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දී පුහුණුවීම් දැන් ආරම්භ කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.