Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන ප්‍රතිපාදන රුපියල් මිලියන 50කට පමණක් සීමාවී ඇතැයි වාර්තාවේ. රට තුළ උද්ගතව පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රජයෙන් (භාණ්ඩාගරයෙන්) ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්ෂිකව වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කිරීම නිසා මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට අඩු ප්‍රතිපාදන අනුමත වී ඇතැයිද වාර්තාවේ.
පසුගිය වසරෙදීත් (2021) ජාතික මහා ක්‍රීඩා උළෙල ‘කොවිඩ්’ උවදුරේ බලපෑමෙන් අත්හිටුවීමට සිදුවුවත් ඒ සඳහා රුපියල් මිලියන 212 ක් භාණ්ඩාගාරයෙන් අනුමත වී තිබුණු බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
කොවිඩ් උවදුරේ බලපෑම් එල්ලවුණු වසර 2020 හා 2021 යන පසුගිය වසර දෙකක්ම ජාතික මහා ක්‍රීඩා උළෙල සම්පූර්ණයෙන් පවත්වා අවසන් කළ නොහැකි විය. කෙසේ වුවත් එම වසර දෙකේදීම ඇතැම් පළාත් තුළ කලාප හා දිස්ත්‍රික් තරග වට දක්වා තරග ඉසව් පවත්වා තිබුණු බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අවසන් වරට පැවැති 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල 2019 ඔක්තෝබර් මාසයේදී බදුල්ලේ ‘වින්සන්ට් ඩයස් ’ පිටියේදී පැවැත්වුණි.
මෙම වසරට පැවැත්වීමට නියමිත 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා ලැබී තිබෙන වියදම් ප්‍රමාණවත් නොවන බැවින් එහි මලල ක්‍රීඩා තරගාවලිය පමණක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීමෙන් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ක්‍රීඩා උළෙලට අයත් සෙසු ක්‍රීඩා ඉසව් සත්කාරය පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු වෙත සැමරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයට මේ වනවිට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ එකඟතාවය පළවී තිබේ.
ඒ අනුව ඉල්ලුම් කරන පරිදි සෑම පළාතකටම ක්‍රීඩා උළෙලට ඇතුලත් ක්‍රීඩා ඉසව් හතරක් බැගින් සත්කාරය සඳහා බෙදාදීමට රේඛීය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
එහිදී එකම ක්‍රීඩා ඉසව්වක සත්කාරය සඳහා එක් පළාතකට වඩා සත්කාරය සඳහා ඉදිරිපත් වන්නේ නම් එවිට ඒ සඳහා වඩාත්ම සුදුසු පළාත් නිර්දේශ කර ගැනීමට නියමිතය.
සිය පළාතට වැඩි ආවේනිකකමක් ගන්නා එමෙන්ම තමන්ට පදක්කම් දිනාගැනීමේ වැඩි විශ්වාසයක් තහවුරු වී තිබෙන ක්‍රීඩා ඉසව් සඳහා අයැදුම් කිරීමේදී සත්කාරයට ප්‍රමුඛතාවය ලබාදීමටද කොළඹ ක්‍රීඩා ප්‍රධානින් තීරණය කර තිබේ. කෙසේ වුවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මහ ක්‍රීඩා උළලේ ක්‍රීඩා ඉසව් පළාත් විසින් සත්කාරය දැරීමේදී ඒ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමත් අවශ්‍යතාවය පරිදි මූල්‍යමය මැදිහත්වීද සිදුකෙරෙන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.