Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු ක්‍රීඩක ඩෙනිස් කුඩ්ලාට එරෙහිව තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කරමින් විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනා අතරට) සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නොවැක් ජොකොවික් ඊයේ (2 වැනිදා) සමත් විය.
තෙවැනි වටයේ තරගයක් ලෙස පැවැති එම තරගයේ පළමු සහ දෙවැනි වට පිළිවෙලින් ලකුණු 6-4 ක් සහ 6-3 ක් ලෙස ජයගැනීමට ජොකොවික් සමත් වුවද, තෙවැනි වටයේදී ඔහුට කුඩ්ලා සමග කරට කර සටනක නිරත වීමට සිදුවිය. එහිදී ජොකොවික්ව සම ලකුණු බිඳීමේ වටයක් කරා රැගෙන යෑමට කුඩ්ලාට හැකි විය.
කෙසේ වුවත් සම ලකුණු බිඳීමේ වටයෙන් පසුව තෙවැනි වටයට ලකුණු 7-6 කින් ජයගත් ජොකොවික් සමස්ත තරගයේ ජය වට 3-0 ක් ලෙස තමන් සතුකර ගත්තේය. ඒ අනුව ඔහු හෙට (4 වැනිදා) පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී චිලී රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගරින්ට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
මෙම ජයග්‍රහණයත් සමග ජොකොවික් කෙමෙන් කෙමෙන් සිය 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට ලංවෙමින් සිටින අතර ඒ සඳහා ඔහුට ඇත්තේ තවත් අදියර 4 ක් පමණි. මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකි වුවහොත් ජොකොවික්ට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ රෆායල් නඩාල් සමග සම වීමේ අවස්ථාවද හිමිවනු ඇත.
මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 19 ක් දිනා ගැනීමට ජොකොවික් සමත්ව සිටියි. ඊට මේ වසරේ (2021) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරතාව මෙන්ම ජූනි මාසයේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාවද ඇතුළත්‍වේ.
විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට රොජර් ෆෙඩරර් සමත්ව සිටියි. රෆායල් නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.
දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමින් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් විය. ඒ සමගම මෙවර තරගාවලියේ ශූරතාව සඳහා ජොකොවික්, නඩාල් සහ ෆෙඩරර් අතර පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් සටන ජොකොවික් සහ ෆෙඩරර් අතර පැවැත්වෙන ද්වන්ද සටනක් බවට පත් විය.
අවසන් වරට පැවැති විම්බල්ඩන් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජොකොවික් සමත්ව සිටියද, විම්බල්ඩන් පිටියේදී තමාට වඩා අත්දැකීම් බහුල ෆෙඩරර් පිළිබඳව ඔහුට සුලුවෙන් තැකිය නොහැකි වනු ඇත. ෆෙඩරර්ද මේ වන විට තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔහු එංගලන්තයේ කැමරන් නෝරිට එරෙහිව අද (3 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.