Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තෙවැනි වටයේදී ජපානයේ කෙයි නිෂිකෝරිට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් එහි සිවුවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය.
ඒ අනුව සිවුවැනි වටයේදී ඇමරිකාවේ ජේසන් බෘක්ස්බිට එරෙහිව හෙට (6 වැනිදා) ජොකොවික් යළිත් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගයෙන් ජය ලැබුවහොත් ඔහුට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
ලෝක ශ්‍රේණිගත කිරිම්හි 99 වැනි ස්ථානයේ පසුවන 31 හැවිරිදි බෘක්ස්බි, සිවුවැනි වටයට පිවිසියේ තෙවැනි වටයේදී වට 3-2 ක් ලෙස ලෝක ශ්‍රේණිගත කිරිම්හි 21 වැනි ස්ථානයේ පසුවන රුසියාවේ අස්ලාන් කරසෙව් පරාජය කරමිනි.
සම ලකුණු බිඳීමේ වටයකින් අනතුරුව නිෂිකෝරිට එරෙහිව පැවැති තරගයේ පළමු වටය ලකුණු 7/6 ක් ලෙස පරාජයට පත්වූ ජොකොවික්, ලකුණු 6/3, 6/3 සහ 6/2 ක් ලෙස පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට ජයගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ අරමුණින් යුතුව ජොකොවික් මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියට සහභාගි වී සිටියි.
ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනා සිටින ජොකොවික්, මෙවර ඇමරිකානු විවෘත ශූරතාවද දිනාගැනීමට සමත් වුවහොත්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.
මේ වන විට 34 වැනි වියේ පසුවන ජොකොවික්ට එම වාර්තාව පිහිටුවීම සඳහා අවශ්‍යව ඇත්තේ පිට පිටම ලබාගන්නා වූ තවත් ජයග්‍රහණ 4 ක් පමණි. සිවුවැනි වටය, අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහ තරගය එහිදී ඔහු ජයගත යුතුව තිබෙන කඩයිම් තරග 4 යි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.