Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටමාදිගෙන් පදක්කම් 4 ක්

ටමාදිගෙන් පදක්කම් 4 ක්

editorial - 2023 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් පියන්ත)

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු  තරගාවලියේදී අම්බලන්ගොඩ දේවනන්ද විදුහලේ ඒ. ඩබ්ලිව්. ටමාදි කාවින්දයා රිදී සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගත්තාය. ඉන්දියාවේදී  අරුනාචල් ප්‍රාන්තයේ, ඉටානගර්හිදී මෙම මේස පන්දු තරගාවලිය පැවැත්විණ.

එහිදී ටමාදී කාවින්දයා වයස 15 න් පහළ බාලිකා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් පදක්කම් හතරක් ලක් මවට දිනා දීමට දායකවූවාය.

වයස 15 න් පහළ බාලිකා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කමත් වයස 15න් පහළ බාලිකා යුගල තරගාවලීයේ ලෝකඩ පදක්කමත් වයස 15න් පහළ මිශ්‍ර යුගල තරගාවලියේ රිදී පදක්කමත්  වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම් රිදී පදක්කමත් ටමාදී දිනාගත්තාය.

මෙම තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩිම පදක්කම් පමණයක් දිනා ගත් ක්‍රීඩිකාව වූයේද ටමාදිය. ටමාදි කවින්දයාගේ පුහුණුකරු පාසල් හා පෞද්ගලික පුහුණුලරු ලෙස  ලක්ෂාන් හර්ෂණ මහතා කටයුතු කරයි.


අදහස් (0)

ටමාදිගෙන් පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.