Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව සත්කාරය දැරූ ටී - කප් ජාත්‍යන්තර පාපැදි සවාරිය මෙම වසරට (2021) පැවැත්වීමත් අත්හැර දමා තිබේ. වසර 2018 න් පසුව මෙම පාපැදි සවාරිය පවත්වා නොමැති තත්ත්වයන් තුළ එය අන්තර් ජාතික පාපැදි දින දර්ශනයෙන් ඉවත් කිරීමට අන්තර් ජාතික පාපැදි සම්මේලනය කටයුතු කර තිබේ.
එහි විශේෂත්වය වූයේ දකුණු ආසියාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ පැවති එකම ජාත්‍යන්තර වාර්ෂික පාපැදි සවාරිය ලෙස එය හැඳින්වීමට තරඟ සංවිධානයෙන් කටයුතු කිරීමයි. පිට පිටම වසර තුනක් වී කප් පාපැදි සවාරියේ සත්කාරය දැරීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ හේතු කීපයයක්ම විය. වසර 2017 දී ආරම්භ වූ තරඟය වසර 2018 දීත් පැවත් වුණි.
වසර 2019 සවාරිය පැවැත්වීමට සියල්ල සැළසුම් කර තිබිය දී එම වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය අවලංගු කෙරුණි. ඒ අතර වසර 2020 සවාරිය මෙන්ම මෙම වසර සවාරිය ද කොවිඩ් උවදුර හමුවේ අත්හැර දමනු ලැබීය.
ටී කප් පාපැදි සවාරියේ සත්කාරයන් මෙම වසරේදී ද තරගාවලිය නොපවත්වන බව අන්තර්ජාතික පාපැදි සම්මේලනයට දැනුම් දීමට ශ්‍රී ලංකාව කලින්ම පියවර ගත් බව වාර්තා වේ.
ටී කප් පාපැදි සවාරියට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ඉහළ වටිනාකමක් වූයේ එය ජාත්‍යන්තර සම්මේලනයයේ වාර්ෂික නිල තරග දින දසුනට දකුණු ආසියාවෙන් නිර්දේශ වූ එකම පාපැදි සවාරිය වීමයි.
මෙම වසරට අන්තර් ජාතික පාපැදි සම්මේලනය එළි දක්වා තිබෙන ජාත්‍යන්තර තරග දින දසුනට අනුව ලොව පුරා පැවත්වෙන පාපැදි තරග 35 ක් තිබේ. ඒ හැරෙන්නට ජාත්‍යන්තර කාන්තා සවාරි 25ක් පමණ ද එහි දක්වා තිබේ.
මෙම ජාත්‍යන්තර පාපැදි සවාරිවලින් බහුතරයකට සත්කාරය දරන්නේ යුරෝපා රටවල් විසිනි. ඉන් ද බහුතරයක් සඳහා සත්කාරය දරන්නේ බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය යන රටවල් විසිනි. ආසියාවේ රටක් සත්කාරය දරන වසරේ එකම අන්තර් ජාතික පාපැදි සවාරිය වන්නේ ඔක්තෝබර් 14 සිට 19 වැනි දා දක්වා චිනයේදී පැවැත්වෙනව ‘ගුඅන්ග්ත්යි’ (Guangxi) පාපැදි සවාරියයි.
‘ප්‍රංශ සවාරිය’ මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි 26 සිට ජුලි 18 වැනිදා දක්වාය. පූර්ව සංවිධානය කටයුතු සිදු කරමින් තිබිය දී අවලංගු කිරීමට සිදු වූ වසර 2019 ටි කප් පාපැදි සවාරිය එම වසරේ මැයි 9 වැනිදා සිට 11 වැනිදා දක්වා අදියර තුනකින් (කිලෝමීටර් 350) පැවැත්වීමට පහළ සැලසුම් කර තිබුණි. ඒ දිවයිනේ නැගෙනහිර පළාතේ සිට බස්නාහිර පලාත දක්වා විහිදී යන ගමන් මාර්ගයක් ඔස්සේය.
ඒ සඳහා කණ්ඩායම් පහක් හැරෙන්නට විදේශීය පාපැදි කණ්ඩායම් 22ක ගේ සහභාගිත්වය සනාත කර තිබුණි. රුපියල් මිලියන 22ක වියදමක් ඇස්තමේන්තු කර තිබූ එහි මුළු ත්‍යාග මුදල ලෙස දක්වා තිබුණේ ඇමරිකානු ඩොලර් 24235ක මුදලකි. මෙම තරගයේ 20 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.
‘ලංකා ස්පෝට්ස්රයිසන්’ ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ දේශීය අධීක්ෂණයෙන් හා අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ ප්‍රධාන අධීක්ෂණයෙන් වසර 2017හා 2018 දි ටී කප් පාපැදි සවරිය සාර්ථකව පවත්වා අවසන් කිරීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.