Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර 13 වැනි වරටත් සංවිධානය කෙරෙන ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) යන දිනවලදී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය ලබන අප්‍රේල් මස 6 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 12 න් එක් තරගයක් ජයගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත්වී තිබේ. ඒ 2014 වසරේදීය. සෙසු තරගය 11 ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වී තිබේ. මෙතෙක් පැවති එක්දින තරග 12 න් 8 ක්ම ජයගැනීමට මහනාම විදුහල සමත්ව සිටියි. සෙසු තරග 4 ජයගෙන ඇත්තේ ඩී.එස්. සේනානායක විදුහල විසිනි.
මෙවර මහ ක්‍රිකට් තරගයේදී ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පසිඳු ආදිත්‍යට පැවරී තිබේ. මහනාම විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව පැතුම් බොතේජුට හිමිව තිබේ. මුදිත ලක්ෂාන් සහ බිෂාන් මෙන්ඩිස් පිළිවෙලින් ඔවුන්ගේ උප නායකයෝ ලෙස කටයුතු කරති.
මෙවර අන්තර් පාසල තරග සමයේදී තරග 15 කට සහභාගි වී ඇති ඩී.එස්. සේනානායක විදුහල ඉන් තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී තිබේ. එහිදී ඔවුන් ලබා ඇති පළමු ඉනිමේ ජයග්‍රහණ සංඛ්‍යාව 5 කි. කුරුණෑගල ශාන්ත ආනා, කුරුණෑගල මලියදේව, කොළඹ ලුම්බිණි, ගාල්ල ශාන්ත ඇලවීෂියස් සහ ගම්පහ බණ්ඩාරනායක යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ ඩී.එස්. සේනානායක විදුහල පරාජයට පත් වූයේ මොරටුව වේල්ස් කුමර විදුහල හමුවේ පමණි.
ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් මෙවර තරග සමයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින උප නායක මුදිත ලක්ෂාන්, රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1318 කි. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වන ඔහු එහිදී කඩුලු 56 ක් දවාගැනීමටද සමත්වී ඇත.
අමිත දාබාරේ ලකුණු 638 ක්ද, පසිඳු ආදිත්‍ය ලකුණු 541 ක්ද, අභිෂේක් ලියනආරච්චි ලකුණු 502 ක්ද රැස්කරමින් ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායමේ පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවෙති. එම විදුහල වෙනුවෙන් මෙවර තරග සමයේදී වැඩිම කඩුලු ගණනක් දවාගැනීමට සමත්ව ඇත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක මෙතුෂාන් කුමාර විසිනි. එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 79 කි.
මෙවර තරග සමයේදී තරග 13 කට සහභාගි වී ඇති මහනාම විදුහල ඉන් තරග 2 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්වී තිබේ. එහිදී ඔවුන් ලබා ඇති පළමු ඉනිමේ ජයග්‍රහණ සංඛ්‍යාව 8 කි. ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලට සහ මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා ඇති මහනාම විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට සහ මරදාන සහිරා විදුහලට එරෙහිව පැවැති තරගවලදී පරාජයට පත්ව තිබේ.
මහානාම විදුහලේ පිතිකරුවන් තිදෙනෙක් මෙවර තරග සමය තුළදී ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට සමත්ව සිටිති. එහිදී පවන්ත වීරසිංහ ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 926 ක්ද, පවන් රත්නායක ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 591 ක්ද, සොනාල් ගමගේ ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 573 ක්ද ලබා සිටිති.
එම විදුහලේ සොනාල් ගමගේ මෙවර තරග සමයේදී කඩුලු 41 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක්ද අන්තර්ගත කරමිනි. ඔහුට අමතරව නායක පැතුම් බොතේජු සහ ළහිරු කාවින්ද මහනාම විදුහල වෙනුවෙන් පිළිවෙලින් කඩුලු 26 ක් සහ 23 ක් බැගින් දවාගැනීමට සමත්ව සිටිති.
ඩී.එස්. සේනානායක විදුහල පසිඳු ආදිත්‍ය (නායක), මුදිත ලක්ෂාන් (උප නායක), අමිත දාබරේ, අභිෂේක් ලියනආරච්චි, ටිරොන් බාස්කරන්, අයන්ත ශවින්ද, සඳරු චන්දිත, චමත් යටවර, මනීද්ර ජයතිලක, සෙනොල් ජයසේන, ලෂේන් කෙනුල, මෙෂාන් කුමාර, ශෂික චන්දීර, තරිඳු නවෝද්‍ය, අනිෂ්ක ද සොයිසා, උවිඳු චන්ද්‍රසිරි, තුවින් නිලක්ෂන දිනේෂ් වීරසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), කාර්තික් සෙල්වන් (සහය පුහුණුකරු), වසන්ත කලීකොටුව මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ උපුල් නිෂාන්ත පෙරේරා මහතා (ක්‍රීඩා පාලක) |
මහනාම විදුහල් සංචිතය කැලුම් ගංගොඩවිල මහතා (ප්‍රධාන පුහුණුකරු), සහාය සොනාල් දුල්ෂාන් මහතා (සහය පුහුණුකරු), සිදත් වරකාපිටිය මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සහ ඉෂාර විමලරත්න මහතා (ක්‍රීඩා පාලක) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.