Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෙල්දෙණිය ජාතික පාසල සහ මහනුවර ඩි.එස්. සේනානායක විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ඩි.එස්. සේනානායක විදුහල අද (8 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය ඩි.එස්. සේනානායක විදුහල් ක්‍රීඩකයෝ, ඕවර 26.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී නවෝද්‍ය ජයවීර ලකුණු 29 ක්ද, ධනංජය හේමචන්ද්‍ර ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
අද දිනයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් තෙල්දෙණිය ජාතික පාසල ලකුණු 111 කට සීමා කිරීමට ඩි.එස්. සේනානායක විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ සමීර සමරජීව සහ නවෝද්‍ය ජයවීර කඩුලු 3 බැගින් දවාගත් අතර රුෂද් අහමඞ් කඩුලු 2 ක් බිඳහෙළීය.
තෙල්දෙණිය ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 145
(ලක්ෂිත ඒකනායක 51, රවිඳු අත්තනායක නොදැවී 33, නවෝද්‍ය ජයවීර 48/4, සමීර සමරජීව 53/4)
ඩි.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 146
(සමීර සමරජීව 59, කේෂල ආරියවංශ 22/4, මින්දික ඒකනායක 27/3, තුෂාර බණ්ඩාර 31/2)
තෙල්දෙණිය ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී සියලුදෙනා දැවී 111
(සුරේෂ් කුමාර 27, තුෂාර බණ්ඩාර 25, සමීර සමරජීව 16/3, නවෝද්‍ය ජයවීර 39/3, රුෂදි අහමඞ් 12/2)
ඩි.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.4 කදී කඩුලු 6 ක් දැවී 111
(නවෝද්‍ය ජයවීර 29, ධනංජය හේමචන්ද්‍ර 22, කවිඳු විමලසිරි 29/3, කේෂල ආරියවංශ 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.