Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් ක්‍රීඩාංගණය ආවරණය කිරීම සඳහා ආවරණ ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මෙම තරගය සඳහා පෙර වසරවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආවරණ ලබාදීම සාමාන්‍ය තත්ත්වය වුවද මෙවර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ නඩත්තු කිරීම සහ කළමණාකරනය කිරීමේ ප්‍රතිපත්ති තීරණ අනුව ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා මහතා දැනුම්දී තිබේ.
මහා ක්‍රිකට් තරගයේ සංවිධායකයන් ආවරණ ලබාගැනීමට ඊයේ (21) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගිය ද එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.