Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රටවල් 12 ක කණ්ඩායම් සහභාගීත්වයෙන් මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟ මාලාව මේ මස 18-19-20 යන දිනවල මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ සඳහා පිරිමි කණ්ඩායම් 12 ක් හා කාන්තා කණ්ඩායම් හතක් සහභාගී වෙති. මෙම තරඟ මාලාවේ සත්කාරය දරන ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය ඒ සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ.
තරඟාවලිය ඉලක්ක කරමින් මේ වන විට ජාතික වෙරළ වොල්බෝල් කාන්තා හා පිරිමි සංචිත මීගමුව වෙරළ තීරයේ දී පුහුණුවීම් ආරම්භ කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ සේවයට කැඳ වූ පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් පුහුණුකරු ෂෙලෙන් රම්ඩෝ මහතා යටතේය. ඔහු යටතේ දේශීය පුහුණුකරුවෝ තිදෙනෙක් ජාතික වෙරළ වොලිබෝල් සංචිතයන්හි සේවය සඳහා යොදවා තිබේ.
මෙම අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරඟ මාලාව ගැන ලංකාදීපයට අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනය ලේකම් ඒ.එස්. නාලක මහතා එහි කාන්තා හා පිරිමි ශූරතා දිනාගන්නා කණ්ඩායම්, අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් සහ තෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 1500 – 1000 හා 750 ක් වන පරිදි ත්‍යාග මුදල් ලබාදීමට සැළසුම් කර ඇතැයි ද පැවැසීය.
මේ වනවිට මීගමුවේ දී පුහුණුවීම් කරන ජාතික වෙරළ වොලිබෝල් සංචිත දෙකේ ක්‍රීඩකයෝ හා ක්‍රීඩිකාවෝ අට දෙනක් සිටිති. තරඟාවලියට ආසන්න වෙද්දී ඉන් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනකු බැගින් ඉවත් කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.
මෙම වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ද පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවත් වොලිබෝල් සම්මේලනය පවසයි.
පිරිමි ඉසව්වේ දී කලාපයේ ප්‍රබලයා වන ඉරානය ඇතුළු තවත් ප්‍රබල රටවල් කීපයකින් කණ්ඩායම් ඉදිරිපත් වීමට නියමිතය.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකකට ආසන්න කාලයකදී ක්‍රියාකාරිත්වය අඩපණවීමෙන් ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව බොහෝ පහළට පැමිණ සිටින බව ද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.