Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ උත්සව සමය ලෙස සැළකෙන ‘මහා ක්‍රිකට් තරග’ ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 56 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී මේ මස 22 සහ 23 දෙදින පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන මහ ක්‍රිකට් තරග 55 දී තර්ස්ටන් විදුහල තරග 5 ක් ද, ඉසිපතන විදුහල තරග 4 ක් ද ජය ලබා ඇති අතර තරග 45 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
තර්ස්ටන් විදුහල 1992 වසරේ ද, ඉසිපතන විදුහල 1999 වසරේ ද අවසන් වරට ජය ලබා තිබේ.
මෙවර තර්ස්ටන් විදුහල් පිලේ නායකයා ලෙස සඳරු ඩයස් ද, ඉසිපතන විදුහලේ නායකයා ලෙස මධුෂික සඳරුවන් ද, කටයුතු කරති.
තර්ස්ටන් විදුහල මෙම තරග වාරයේ තරග 14 කට සහභාගි වී වත්තල ශාන්ත අන්තෝනි, පන්නිපිටිය ධර්මපාල, කෑගල්ල ශාන්ත මරියා, කුරුණෑගල ශාන්ත ආනා සහ මාතර ශාන්ත තෝමස් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ද, පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් ද, ලැබීය.
මෙවර තර්ස්ටන් විදුහල් පිලේ ප්රබලතම පිතිකරු වන යොහාන් ලියනගේ තරග 14 කදී ලකුණු 523 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ජයවිනාත් මහවිතාන (ලකුණු 395), රනේෂ් සිල්වා (ලකුණු 372) සහ භවන්ත ජයසිංහ (ලකුණු 358) මෙවර තර්ස්ටන් විදුහල පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.
වමතින් දඟ පන්දු යවන අයේෂ් හර්ෂණ මෙම තරග වාරයේ කඩුලු 71 ක් දවාගනිමින් තර්ස්ටන් විදුහලේ ප්රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. වමතින් දඟ පන්දු යවන නායක සඳරු ඩයස් (කඩුලු 59) සහ භවන්ත ජයසිංහ (කඩුලු 23) මෙවර තර්ස්ටන් විදුහල් පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරන සෙසු දක්ෂ පන්දු යවන්නෝ වෙති.
ඉසිපතන විදුහල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව එකම පූර්ණ ජය ලැබූ අතර පළමු ඉනිමේ ජයග්‍රහණ තහරක් ලැබීමට සමත් විය. ඉසිපතන විදුහල් පිල ගාල්ල මහින්ද, මොරටුව වේල්ස් කුමර සහ කුරුණෑගල මලියදේව යන විදුහල් හමුවේ පරාජය ලැබීය.
ඉසිපතන විදුහල් පිලේ ප්රබලතම ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රවිඳු රත්නායක හැදින්විය හැකිය. වමතින් පිත්ත හසුරුවන රවිඳු මෙම තරග වාරයේ තරග 13 කදී ලකුණු 663 ක් රැස්කර ඇති අතර ඔහු දකුණතින් වේග පන්දු යවමින් කඩුලු 26 ක් ද දවාගෙන තිබේ.
තෙවිඳු දික්වැල්ල (ලකුණු 476), අෂේන් ගුණවර්ධන (ලකුණු 457) සහ උප නායක අෂාන් අමරසිංහ (ලකුණු 382) ඉසිපතන විදුහල් පිලේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
වමතින් දඟ පන්දු යවන නායක මධුෂික සඳරුවන් මෙම තරග වාරයේදී කඩුලු 48 ක් දවාගමින් ඉසිපතන විදුහල් පිලේ ප්රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. සවිඳු උත්සර කඩුලු 21 ක් දවාගනිමින් මහා ක්‍රිකට් තරගයේදී ද ඉසිපතන විදුහල් පන්දු යැවීමේ බලැනියට ශක්තිය සැපයීමට සූදානමින් සිටියි.
‘ඩබ්ලිව්. ඒ. ද සිල්වා කුලසේකර’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය මාර්තු මස 03 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය පැවැත්වෙන්නේ 39 වැනි වරටය.
‘ප්‍රියා පරණවිතාණ’ අභියෝග කුසලාන වෙනුවෙන් දෙවිදුහල් අතර 12 වැනි වරට සංවිධානය කෙරෙන විස්සයි20 ක්‍රිකට් තරගය මාර්තු මස 10 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉසිපතන විදුහල් සංචිතය:
මධුෂික සඳරුවන් (නායක), ලෙෂාන් අමරසිංහ (උප නායක), දිනාත් දිසානායක, කලීක් අමාත්, මන්දීප ගුණසේකර, තෙවිඳු දික්වැල්ල, රවිඳු දර්ශන, ලොමිත රවිදිත්, ඒෂාන් ප්‍රනාන්දු, යසිරු කස්තුරිආරච්චි, සවීන් දන්තෝ, චලන අයේෂාන්, සවිඳු උත්සර, අමාන් තාහා, අෂේන් ගුණවර්ධන සහ ඉසුරු සඳමාල්
තර්ස්ටන් විදුහල් සංචිතය:
සඳරු ඩයස් (නායක), අයේෂ් හර්ෂණ (උප නායක), ජයවිහාන් මහවිතාන, බිමර රණතුංග, නිමේෂ් පෙරේරා, යොහාන් ලියනගේ, රෂ්මික හිරිපිටිය, ශාලක බණ්ඩාර, අවිෂ්ක කෞෂල්‍ය, බවන්ත ජයසිංහ, පෘතුවි හෙට්ටිආරච්චි, අන්ජු කරුණානායක, රනේෂ් සිල්වා, සනුත් මනුතුංග, දසුන් ජයවර්ධන, උදිත් වික්‍රමාරච්චි සහ නිලක්ෂ මලිත්
ඉසිපතන විදුහල් සංචිතය |
තර්ස්ටන් විදුහල් සංචිතය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.