Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තීරක මඬුල්ලේ ලයිස්තුව ඉවත දමා ලේකම්ගේ නම් ලයිස්තුව කැඳවයි

තීරක මඬුල්ලේ ලයිස්තුව ඉවත දමා ලේකම්ගේ නම් ලයිස්තුව කැඳවයි

editorial - 2022 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුල්ලේදී අද දින (03 වැනිදා) පැවැත්වීමට නියමිත ඌව පළාත් පාසල් වූෂූ (තාඕලු) තරගාවලිය සඳහා නම්කරන ලද විනිසුරුවරුන් සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේ. තරගාවලිය අද උදෑසන සිට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා වූෂූ සම්මේලනයේ විනිසුරු හා තරග තීරක සභාව විසින් තෝරා යවන ලද විනිශ්චයකරුවන්ගේ ලයිස්තුව ඉවත දමා පාසල් වූෂූ සම්මේලනයේ ලේකම්වරයා විසින් නම්කරන ලද විනිසුරුවරුන් යොදාගනිමින්, තරගාවලිය පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ. පාසල් වූෂූ ලේකම්වරයාගේ විනිසුරු ලයිස්තුවට ඌව පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වන චන්න කරුණාසේන මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බවද දැනගන්නට ඇත.

ලේකම්වරයා විසින් නම්කරන ලද විනිසුරුවරුන්ගේ ලයිස්තුවට මේ වන විට තහනමකට ලක්ව සිටින විනිසුරුවරුන් දෙදෙනකු ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කියයි.

“ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ‘සන්දා’ ඉසව් විනිසුරුවරයෙක්. අනෙක් තැනැත්තා කවදාවත් වූෂූ විනිසුරු විභාගයක් සමත්වී ඇති කෙනෙක් නෙමේ” යයිද වූෂූ සම්මේලන සභාපතිවරයා කීවේය.

වූෂූ සම්මේලනයේ විනිසුරු හා තරග තීරක සභාව විසින් තෝරා යවන ලද විනිශ්චයකරුවන්ගෙන් තොරව තරගාවලිය පැවැත්වුවහොත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ශ්‍රී ලංකා ශ්‍රී ලංකා වූෂූ සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

- 213


අදහස් (0)

තීරක මඬුල්ලේ ලයිස්තුව ඉවත දමා ලේකම්ගේ නම් ලයිස්තුව කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.