Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තීරණාත්මක අවසන් වටය අද ඇරඹෙයි

තීරණාත්මක අවසන් වටය අද ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ තීරණාත්මක අවසන් සතිය අද (7 වැනිදා) ආරම්භවිය.


සී.සී.සී (69.87), එස්.එස්.සී (67.12), ද්‍රවිඩ සංගමය (65.65) සහ සැරසන්ස් (63.25) යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල පසුවන අතර මෙම සති අන්තයේදී පළමු ඉනිමේ හෝ පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවේ.


කෝල්ට්ස්, ආර්.ප්‍රේමදාස, එන්.සී.සී සහ පී.සරවනමුත්තු යන ක්‍රීඩාංගණවලදී අවසන් තරග 4 අද ආරම්භ විය.


එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (119) සහ මහේල උඩවත්ත (නොදැවී 146), කෝල්ට්ස් පිලේ ධනංජය ලක්ෂාන් (141) සහ විශාද් රංදික (නොදැවී 106) ශතක ලබාගනිමින් පළමු දිනයේදීම තම කණ්ඩායමට වැඩිවාසී අත්කර දීමට සමත්වූහ.

එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 367/6

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 367
(ළහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත නොදැවී 146, චතුරංග ද සිල්වා 25, අශාන් ප්‍රියංජන් 44/2, ළහිරු මදුශංක 52/2)

 

යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 353/4

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 353
(අවිෂ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රංදික නොදැවී 106, අසේල ගුණරත්න 36/2)

 

ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය 287/6

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 287
(සිතාර ගිම්හාන 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 56, රමිත රඹුක්වැල්ල නොදැවී 23)

 

එස්.එස්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී 341/7

එස්.එස්.සී පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 341
(නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාෂ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක නොදැවී 81, හිමේෂ් රත්නායක නොදැවී 21, පුලින තරංග 58/3, සාගර් උදේෂී 122/3)


අදහස් (0)

තීරණාත්මක අවසන් වටය අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.