Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තුන් කොන් පාසල් චෙස් තරගාවලිය 28 දා මතුගමදී

තුන් කොන් පාසල් චෙස් තරගාවලිය 28 දා මතුගමදී

editorial - 2024 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

කළුතර සුපර් පයිටර්ස් චෙස් ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධානය කරනු ලබන කළුතර දිස්ත්‍රික් ආරාධිත පාසල් ත්‍රිත්වයක් අතර පවත්වනු ලබන සුපර් පයිටර්ස් කුසලාන තුන් කොන් පාසල් වාර්ෂික මහා චෙස් කණ්ඩායම් තරගවලියේ මංගල තරගාවලිය මෙම මස 28 වැනිදා මතුගම ආනන්ද ශස්ත්‍රාලයේදී පැවැත්වේ.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, හොරණ තක්ෂිලා යන පාසල් ත්‍රිත්වය අතර මේ කණ්ඩායම් චෙස් තරගාවලිය පැවැත්වේ.

එම පාසල් ත්‍රිත්වයේ වයස 20න් පහළ 15 න් පහළ සහ 13න් පහළ බාලක, බාලිකා කණ්ඩායම් අතර මේ තරගාවලිය පැවැත්වෙන අතර, මේ කණ්ඩායම් ලබා ගන්න ලකුණු පදනම මත වැඩිම ලකුණු ලබා ගන්නා පාසලට සුපර් පයිටර්ස් තුන් කොන් මහා චෙස් කණ්ඩායම් කුසලාන සහ මුදල් ත්‍යාගය හිමිවේ.

කළුතර දිස්ත්‍රික් මෙම ආරාධිත පාසල් ත්‍රිත්වය අතර තුන් කොන් මහා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය වාර්ෂිකවම පැවැත්වීමට සුපර් පයිටර්ස් චෙස් ක්‍රීඩා සමාජය තීරණය කර තිබේ.

මෙරට මෙවැනි වාර්ෂික තුන්කොන් මහා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවන් අතර, තරගාවලියට සහභාගීවන පාසල් ත්‍රිත්වයේම සියලුම කණ්ඩායම් තරග කළ යුත්තේ පාසල් නිල ඇදුමෙනි. සෑම තරග අංශයක්ම තරග වට පහකින් සමන්විතය.

මේ තුන්කොන් ආරාධිත පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියට සමගාමීව වාර්ෂිකව කළුතර දිස්ත්‍රික්කයේ අරාධිත පාසල් පහක් අතර ප්‍රාථමික කණ්ඩායම් තරගාවලියක් ද මෙදිනම (සැප්තැම්බර් මස 28) පැවැත්වෙන බව තරග සංවිධයකයෝ කියති.

ඒ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, වාද්දූව ප්‍රාථමික විද්‍යාලය, කළුතර සිරි කුරුස විද්‍යාලය සහ නවත්තුඩුව මහා විද්‍යාලය යන පංච මහා විද්‍යාල අතරය.

මේ පංච විද්‍යාල අතර වයස 11න් පහළ සහ 9න් පහළ බාලක, බාලිකා ලෙස මේ ප්‍රාථමික කණ්ඩායම් තරගාවලිය පැවැත්වේ.

මේ තරගවලියට සහභාගී වන පාසල් පහේම ප්‍රාථමික කණ්ඩායම්ද තරගාවලියට සහභාගී වියයුත්තේ පාසල් නිල ඇදුමෙන් බවද තරග සංවිධායකයෝ කීහ. එම තරගාවලියත් තරග වට පහකින් සමන්විතය.


අදහස් (0)

තුන් කොන් පාසල් චෙස් තරගාවලිය 28 දා මතුගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.