Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික කබඩි තේරීම් කමිටුවට මේ වන විට පනවා තිබෙන තාවකාලික තහනම හේතුවෙන් ආරාධිත ජාත්‍යන්තර කබඩි (පිරිම)තරගාවලි දෙකකට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී තිබේ.
මීගමුවේදී පැවැති ජාතික වෙරළ කබඩි තේරීම් (පිරිමි) කණ්ඩායම තෝරා ගැනීමේදී එල්ල වුණු චෝදනා මුල් කර ගනිමින් ජාතික කබ්ඩි තේරීම් කමිටුවට තාවකාලිකව තහනමක් පැනවීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළේය.
මෙම සිදුවීම මුල් කර ගනිමින් මේ වන විට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන්ද ඉකුත්දා විමර්ෂණයක් ආරම්භ කළේ ක්‍රීඩකයකු විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුවය.
කෙසේවුවත් එහි නිගමනය මෙතෙක් ප්‍රකාශ වී නොමැත. ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය එම පැමිණිල්ල පදනම්ව ජාතික කබඩි තේරීම් කමිටුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා කැදවූවත් ඔවුන් ඊට පැමිණ නැත.
ඒ හේතුවෙන් එහි නිලධාරීන් දෙදෙනකුට පසුගිය ඔක්තෝබර් 14 වැනිදා දාතමින් නිකුත් කළ ලිපියකින් එම විමර්ශන ඒකකයේ ප්‍රධානී, සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ මහතා දැනුම්දී තිබුණේ විමර්ශන සම්බන්ධයෙන් සහයෝගය නොදැක්වීම ආදිය පැහැර හැරීම වරදක් වන බවයි. එහිදී ඔවුන්ට වැඩිදුරටත් දැනුම්දී තිබුණේ සිය විමර්ශන ඒකකයට කැඳවීම් අනුව පැමිණ ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන්නේ නම් 2019 අංක 24 දරණ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. එන්. එච් ඩබ්.රෝහණ (සභාපති), කේ එස් මීගස්තැන්න, කේ.පීඑස්.ගීත්, ඊ.එම්.ඒ.ප්‍රියන්ත හා කේ.පී.ටී. තුෂාර යන මහත්වරුන් තාවකාලිකව තහනමට ලක් වන විට ජාතික කබඩි තේරීම් කමිටුවේ සභිකයින් ලෙස කටයුතු කරමින් සිටියේය.
මීගමුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාතික කබඩි තේරීම් කමිටුවට ලිපියක් යොමු කළ කබඩි සම්මේලනයේ ලේකම් කේ.යෝගරතම් මහතා ඒ හේතුවෙන් පැන නැගුණු තත්වයන් මත ශ්‍රී ලංකාවට ලෝක වෙරළ කබඩි (පිරිමි) තරග සංචාරය අත් හැර දැමීමට සිදුවූ බව ප්‍රකාශ කළේය.
එහිදී තේරීම් කමිටුවේ හැසිරීම තුළ එකී ලෝක තරග සංචාරය සදහා ඔවුන් නිර්දේශ කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව අවලංගු කිරීමට කබඩි සම්මේලනයේ විධායක සභාව තීරණය කළ බවත් එහි ලේකම්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.