Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ද.අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

ද.අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර කේප්ටවුන්හිදී පැවැති පළමු විස්සයි20 තරගයේදී කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අද (1 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණි.

හසිනි පෙරේරා ලකුණු 27 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණියවූ අතර ඉමල්කා මෙන්ඩිස් නොදැවී ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූවාය. පන්දුවට පහරදුන් අනෙත් පිතිකාරිණියන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නියෝ අවස්ථාවක් ලබානොදුන්හ.

පන්දුවෙන් දස්කම් දැක්වූ ඬේන් වැන් නිකක් සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර මසබාටා ක්ලාස් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 14.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ඬේන් වැන් නිකක් පන්දු 55 කදී නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවාය.

අචිනි කුලසූරිය, නිලක්ෂි ද සිල්වා සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 90
(හසිනි පෙරේරා 27, ඉමල්කා මෙන්ඩිස් නොදැවී 25, ඬේන් වැන් නිකක් 12/3, මසබාටා ක්ලාස් 22/2)

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම - ඕවර 14.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 94
(ඬේන් වැන් නිකක් නොදැවී 71)

 


අදහස් (0)

ද.අප්‍රිකානු කාන්තා පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.